වන්දි ඉල්ලා සූරියවැව විරෝධතා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

වන්දි ඉල්ලා සූරියවැව විරෝධතා (PHOTOS)

වන්දි ඉල්ලා සූරියවැව විරෝධතා (PHOTOS)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන අදියර යටතේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම් සිදුකරන සූරියවැව ප්‍රදේශයෙහි අධිවේගී මාර්ගයට පවරා ගත් ඉඩම් සදහා වන්දි මුදල් ලබාදීමේ පොරොන්දුව බලධාරීන් විසින් මඟහැර ඇතැයි චෝදනා කරමින් අධිවේගී මාර්ගයේ කටයුතු සදහා පස් ප්‍රවාහනය කරන ස්ථානයන් හරස් කරමින් එම ප්‍රදේශවාසීන් ජනතාව අද (01) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වේ.

අධිවේගී මාර්ගය හේතුවෙන් ඉඩම් අහිමිවූවන් පිරිසක් විසින් පසුගිය 24 වනදා සුරියවැව නගරයේද විරෝධතාවයක් පවත්වන ලදී.

අද දින විරෝධතාවය සදහා අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන බැදිගන්තොට, මහපැලැස්ස, නබඩගස්වැව, අන්දරගස්වැව, 350, 550,205යාය යන ප්‍රදේශයන්හි ජනතාව එක්ව සිටී.

මොවුන් එම ප්‍රදේශයන් තුළ මාර්ගය අවහිර කරමින් සිදුකල විරෝධතාවය හේතුවෙන් අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු සදහා ද බාධා ඇතිව තිබේ.

විරෝධතාවයේ නියැලි ජනතාව කියාසිටින්නේ තමන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන තුරු මෙම විරෝධතාවය අත් නොහරින බවයි.

ඡායාරූප පහතින්.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad