ජර්මනියේ සාත්තු සේවකයෙකු හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් ශරීර ගත කිරීමෙන් 12කට අධික රෝගීන් පිරිසක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
බටහිර ජර්මනියේ ඔල්ඩන්බර්ග් නගරයේ රෝහලක සේවය කළ මෙම සාත්තු සේවකයා පසුගිය වසරේ බන්ධනාගාරගත කෙරුණේ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම යන සාපරාධී අපරාධ ඔප්පු වීමෙනි.
නමුත් පසුව ඔහු සේවය කළ රෝහලේ මිය ගිය රෝගීන්ගේ වාර්තා පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු හෙළි වී තිබෙන්නේ මිය ගිය රෝගීන් 99 දෙනෙකුගෙන්27 දෙනෙකුගේ මල සිරුරු වල ඉතා අධික වශයෙන් හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් අන්තර්ගතව තිබුණු බවයි.
අලුතින් හෙළිකරගත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කැඳවු නඩු වාරයෙදී ප්‍රකාශයක් කළ සාත්තු සේවකයා කියා සිටියේ රෝගීන් හිටි හැටියේම පියවි සිහිය ලැබීම දැකීමට ආශා කළ නිසා රෝගීන් 90 දෙනෙකුට හෘදයාබාධ සඳහා ලබා දෙන එන්නත් හිතුමතයේ ශරීරගත කළ බවයි.
Thursday, June 23, 2016
සාත්තු සේවකයෙකු වැරදි එන්නත් ලබා දීමෙන් 12ක් මරුට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment