හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී නිරන්තරයෙන් අතේ තබාගෙන සිටි උපකරණයක් පිළිබඳව බොහෝ පිරිසක් අතර විශේෂ කතාබහක් ඇති වී තිබිණි.
බොහෝ දෙනා එම උපකරණය “ වශීබෝලය” ලෙස හැඳින්වූ අතර ඊයේ (30) හිරු නාලිකාවේ පැවති සලකුණ දේශපාලන වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධව අදහස් දැක්වීය. එහිදී ඔහු කියාසිටියේ එය ගුප්ත බලයක් සහිත උපකරණයක් නොවන බවත් තමාද එය කෙටි කලක් භාවිතා කර පසුව නවතා දැමූ බවයි.
එවකට සිටි විපක්ෂය හිටපු ජනාධිපතිතුමන්ට මඩ ගැසීමට ඔහු ඇඳ සිටින ඇඳුමේ සිට කොණ්ඩය පීරන ආකාරය දක්වා සියල්ල යොදාගත් බවත් ඔහු අතේ තබාගෙන සිටින්නේ වශී බලයක් ඇති උපකරණයක් බවට අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ ය.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා කියාසිටියේ , “ එම උපකරණය තායිලන්තයේ බොහෝ පූජකවරුන් පාවිච්චි කරනවා. විශ්වාසයක් තියෙනවා, ඒක තියාගෙන හිටියම අතේ තියෙන ස්නායු පද්ධතියට හොඳාකාරව වැඩකළ හැකි යම්කිසි බලවේගයක් නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ විශ්ව ශක්තියක් නෙවෙයි.
ඇඟේ තියෙන පීඩන මධ්‍යස්ථානවලට වැඩ කරන්න පුළුවන් යම්කිසි උපකරණයක්. “ ලෙසයි. ඔහු වැඩිදුරටත් කියාසිටියේ එම උපකරණය නොමැති වුවද මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජනතා ආකර්ෂණය නොඅඩුව පවතින බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරණ සමයේ විවිධ උත්සව අවස්ථාවලදී අතේ තබාගෙත සිටි උපකරණයක් සම්බන්ධයෙන් විවිධ මත පළ විය. එම උපකරණය ‘වජ්‍රය’ නමින් හඳුන්වනු ලබයි.
වීඩියෝව පහතින්....
Tuesday, May 31, 2016
මහින්දගේ වශී බෝලය වැඩ කරන හැටි නාමල් හෙළි කරයි (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment