LTTE සාමාජිකයින් සහ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් යන දෙපාර්ශවයම මෙරට සහෝදර ජනතාව බවත් එම නිසා යුධ ජයග්‍රහණයක් සමරා ජය පැන් බොන්නට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.
යුද්ධය අවසන් කිරීමේ සංවත්සරය වෙනුවෙන් අද දින (18) පැවැත්වීමට කටයුතු යොදා ඇති සංස්කෘතික සංදර්ශනය පිළිබඳ දැණුවත් කිරීමේ මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසුවේ ය.
පසුගිය කාලයේ මෙම දිනය සමරමින් සිදු කළේ විජයග්‍රාහී ආචාර පෙළපාලියක් පැවැත්වීම බවත්, එනමුදු වත්මන් රජයේ සංහිඳියාව පෙරටු කරගත් වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස එවන් සැමරුමක් සිදු නොකොට සංස්කෘතික සංදර්ශණයක් පවත්වන බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම සංස්කෘතික සංදර්ශනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් සිදු කොට නොමැති බවත් එයට විශේෂ හේතුවක් නොමැති බවත් රජයට සම්බන්ධ පුද්ගලයින් පමණක් මෙයට සහභාගිවන බවත් ඔහු පැවසුවේ ය.
වීඩියෝව පහතින්...

No comments:
Post a Comment