දරුවන් දෙදෙනා ජීවත් කරවන්න ජීවිතය කැපකරන උත්තරීතර සෙනෙහස වූ අම්මාගේ හා තාත්තාගේ අසරණ වූ කතාව (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 11, 2016

දරුවන් දෙදෙනා ජීවත් කරවන්න ජීවිතය කැපකරන උත්තරීතර සෙනෙහස වූ අම්මාගේ හා තාත්තාගේ අසරණ වූ කතාව (PHOTOS)

මේ ලෝකේ අපේ ජීවිතය ගත කරනකොට දුක සතුට වගේම ප්‍රශ්න, කරදර සමව විඳගන්න අපිට සිද්ධ වෙනවා. සමහර වෙලාවට ජීවිතවලට එන කරදර නිසා හුගක් අසරණ වෙන්නත් සිද්ධ වෙනවා.

මේ මොන දේ වුණත් අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවන්වනම් බරක්, කරදරයක් වෙන්නේ නෑ. අපි දැන් කියන්න යන්නේ ඒ විදිහට තමන්ගේ දරුවා ජානගත රෝගයකින් පෙලෙනකොට මුළු පවුලම අසරණ වෙලා තියෙද්දිත් ගොඩක් ආදරෙන් වෙනසක් නොකර මව්පිය සෙනෙහස ලබාදෙන උතුම් මිනිසෙකු ගැනයි.

මහියංගනය ඔරුබැදිවැව මීවාගල ගම්මානයේ ජීවත් වෙන මේ දරුවන් දෙදෙනා උපතින්ම ජානගත රෝගයකින් පෙළෙනවා. (Harlequin-type ichthyosis)නමැති රෝගයෙන් පෙලෙන මේ දරුවෝ දෙන්නව බලාගන්නේ මෙයාලගේ තාත්තා පුංචි බණ්ඩා කරන කුලී වැඩෙන්.

කුලී වැඩ කරලා මේ දරුවෝ දෙන්නව බලාගන්න මේ අම්මයි තාත්තයි අපමණ දුකක් විදිනනවා.මේ දරුවෝ දෙන්නට බෙහෙත් කරන්න ලොකු මුදලක් යනවා කියලයි මේ රත්තරං අම්මයි තාත්තයි කිව්වේ. දරු දුක දැනෙන මේ දෙමව්පියෝ අද සමාජයේ ඉන්න මිනිස්සු එක්ක ගත්තම දෙවිවරු වගේ කියලයි අපිටනම් හිතෙන්නේ.

මේ අසරණ දරුවන්ට පිහිටක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක මිල කරන්න බැරි උතුම් සද්කාරයක් වෙනවා නොඅනුමානයි.






No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *