පරිශීලකයන්ගේ අඩුවීම නිසා ට්විටර් ප‍්‍රධානියා ගෙදර යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

පරිශීලකයන්ගේ අඩුවීම නිසා ට්විටර් ප‍්‍රධානියා ගෙදර යයි

ලොව බොහෝ පිරිසකගේ ආකර්ශනය දිනාගත් සමාජ ජාල වෙබ් අඩවියක් වන ට්විටර් වෙබ් අඩවියේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩික් කොස්ටෝලෝ සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

ඒ, වෙබ් අඩවිය පරිහරණය කරන පිරිස අපේක්ෂා කළ තරම් ඉහළ නොයාම පිළිබඳ ආයෝජකයින්ගෙන් එල්ල වූ බලපෑම් සැලකිල්ලට ගනිමින්. ඒ අනුව එළඹෙන ජූලි පළමු වෙනිදා සිට ට්විටර් වෙබ් අඩවියේ ප‍්‍රධානියා ලෙස එහි සමනිර්මාතෘ ජැක් ඩෝසේ තාවකාලිකව පත්කිරීමට නියමිතයි. 

වෙබ් අඩවිය ආරම්භ කළ වසර දෙකෙහි එහි පරිශීලකයින් සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගියා. එහෙත් මේ වසරේ එම සංඛ්‍යාව සියයට 14ක් දක්වා පහළ ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 





No comments:

Post a Comment

Post Bottom Ad