වාදපිටිය ට සැළසුම් කර ඇමතුම් දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ තතු හෙළි වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 8, 2014

වාදපිටිය ට සැළසුම් කර ඇමතුම් දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ තතු හෙළි වේ

දෙරණ රූපවාහිනී නාලිකාවේ  පැවැත්වූ  වාද පිටිය වැඩසටහනේදී එම සාකච්ඡාවට  දුරකථනයෙන් කතා කර අපහාස කළා යැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන සිද්ධියේ,පරීක්ෂණ සිදුවෙන අතරතුර දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ශෙහාන් බරණගේ මහතාගේ හදිසියේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

එසේ මාතර සුනිල්  යනුවෙන් කතා කළ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බවටද මේ වන විට චෝදනා එල්ලවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා මිහිහාන පොලිසිය වෙත කටඋත්තරයක්ද ලබා දී තිබුණි.

කෙසේවෙතත් මේ වන විට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ වැඩ තහනමට ලක්ව ඇති දෙරණ රූපවාහිනියේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අධ්‍යක්ෂ ශෙහාන් බරණගේ මහතාගේ 0773580453 යන දුරකතන අංකය වෙත එහි පළමු ඇමතුම ලැබී ඇති බවයි.

ඉන් අනතුරුව අදාළ අංකය මගින් සජීවී වැඩසටහන වෙත ඇමතුම ලැබී තිබෙන බවත් අනාවරණය වී තිබේ. මීට පෙර අවස්ථාවන්වලදීද මෙවැනි තම පුද්ගලික හිතවාදී ඇමතුම් ලබාදී වැඩසටහන් වෙත පැමිණෙන ආරාධිතයින් අපහසුතාවයන්ට පත් කිරීමෙන් සතුටක් ලබන පුද්ගලයෙකු බවටද ඔහුව හඳුනාගෙන ඇත.

මේ වන විට ඔහුට එරෙහිව ඇති අනෙකුත් අපචාර චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad