අධිකරණයට ඉදිරිපත් වූ මහින්දගේ 27දෙනාට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

අධිකරණයට ඉදිරිපත් වූ මහින්දගේ 27දෙනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වූ මහින්දගේ 27දෙනාට ඇප
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් 27 දෙනා ඇප මත නිදහස් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) නියෝග කළේය.

එම පිරිස අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනාට රුපියල් මිලියනය බැගින් පුද්ගල ඇප නියම කර ඇත.

භික්ෂුන් වහන්සේ 09 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක්  ඇතුළු 27 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණ.

තහනම් නියෝගයක් තිබියදී එය නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය මස 23 වැනිදා විරෝධතා ව්‍යපාරයක නිරත වීමෙන් අධිකරණයට අපහාසයක් වු බව පවසමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad