තිස්ස සිරිකොත ආක්‍රමණයට සැරසේ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

තිස්ස සිරිකොත ආක්‍රමණයට සැරසේ!

තිස්ස සිරිකොත ආක්‍රමණයට සැරසේ!ඉදිරි දින කිහිපය තුලදී සිය ආධාරකරුවන් පිරිසක් සමඟ සිරිකොත මන්දිරයට කඩා වැදීමට තිස්ස අත්තනායක මහතා සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් 'ඒෂියන් මිරර්' වෙත වාර්තා වී ඇත.
අත්තනායක මහතාගේ අරමුණ වන්නේ මාධ්‍ය අවධානය තමා වෙත ලබා ගැනීම බව පැවසේ. 

මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පසුගිය ජනපතිවරණ සමයේ තීරණය කළද   තමා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වන බැවින් තමාට ඕනෑම වෙලාවක සිරිකොත ට ඇතුළු වීමට හැකියාව ඇති බවට තර්ක කරමින් මෙම සැලසුම  ක්‍රියාත්මක කිරීමට තිස්ස අත්තනායක මහතා සූදානම්ව සිටින බව එම ආරංචි මාර්ග අප හා පවසා සිටියෝය.
අත්තනායක මහතාගේ මෙම සැලසුම ක්‍රියාත්මක වුවහොත් එදිනට සිරිකොතෙහි විශාල ගැටුමක් ඇති වීමට පවා ඉඩ කඩ පවතින බව ඔවුහු  වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියෝය.

No comments:

Post a Comment

Post Bottom Ad