ජනපති ආරක්ෂක අංශයෙන් යුද හමුදාව ඉවතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

ජනපති ආරක්ෂක අංශයෙන් යුද හමුදාව ඉවතට

ජනපති ආරක්ෂක අංශයෙන් යුද හමුදාව ඉවතටජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත කර සිටි යුද හමුදා භට පිරිස් පසුගිය අප්‍රේල් 30 වැනි දා සිට ඉවත් කර ඇතැයි වාර්තා වේ.

යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත එම හමුදා පිරිස් විසුරුවා ඔවුන් මුලින් සිටි හමුදා ඒකක වෙත මුදා හැර ඇතැයි ද යුද හමුදා බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය මහතා සඳහන් කර ඇත.

ජනාධිපති ආරක්ෂක අංශයේ යුද හමුදාවේ භටයින් 1200ක් අනියුක්ත කර තිබූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනවාරි 08 වැනි දා ජනපති වීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි ප්‍රමාණය බෙහෙවින් අඩු කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමයේ යුද හමුදාවද බහුල වශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට යොදා ගනිමින් 3000කටත් වැඩි පිරිසක් ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad