ටෙලි නාට්‍ය හදන්න වෙලේ සුදාගෙන් මුදල් ගත්ත ටෙලි නිළිය? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

ටෙලි නාට්‍ය හදන්න වෙලේ සුදාගෙන් මුදල් ගත්ත ටෙලි නිළිය?

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්‍පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙ‍ලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන නිළි උදයන්ති කුලතුංගගේ  සහෝදරියගේ බැංකු ගිණුම් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම සඳහා ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (11) රහස් ‍පොලිසියට නොතිසි නිකුත් කළේය.

මෙම නඩුවේ ඉල්ලුම්කාරියක වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් ගොනු කරමින් නීතිඥ අසේල රැකව මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නොතිසිය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව ඊයේ අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරිය වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග විසින් අධිකරණය වෙත සඳහන් කරනු ලැබුවේ තමාට අයත් බැංකු හා මූල්‍යායතනවල ගිණුම්වල ගනුදෙනු සිදුකිරීම වළකාලමින් ඒ අදාළ ආයතනවලට වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවකි.

නිළියක් වන තම නැගණිය වෙත තම සැමියා විසින් ලබාදෙන ලද රුපියල් ලක්ෂ 10ක මුදල ඇය ආපසු තමා වෙත ලබා දුන්නද ඒ මුදල් පවා තමාට නැවත ලබාගත නොහැකි ලෙස මෙම වාරණය ක්‍රියාත්මකව ඇති බව පවසන ඉල්ලුම්කාරිය, තම සැමියා විසින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලින් තම සහෝදරියට එම මුදල ලබා දුන් බවද පවසා සිටියි.

වෙලේ සුදා නමැති අය එම නිළිය හඳුනාගෙන ඇත්තේ ඩුබායිහි පැවැති සංගීත සන්දර්ශනයකදී බව දන්වා සිටි නීතිඥ අසේල රැකව මහතා එහිදී ඇතිවූ හිතවත්කම මත පසුව වෙලේ සුදා ඇගේ ටෙලි නාට්‍යයකට රුපියල්  3,60,000ක මුදලක් ලබාදී ඇති බවත් පසුව ඇය විසින් එම මුදල් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු වෙත ලබා දුන් බවත් දන්වා සිටියේය. 

Source By : Nethfm.com

No comments:

Post a Comment

Post Bottom Ad