​මැට් ප‍්‍රියර් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

​මැට් ප‍්‍රියර් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදෙයි

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ වත්මන් කඩුලූ රකින ක‍්‍රීඩක මැට් ප‍්‍රියර් ක‍්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ඔහු මුහුණදී සිටින ආබාධ තත්ත්වයන් හේතුවෙන්. සිය තීරණය ප‍්‍රකාශයට පත් කරමින් මැට් ප‍්‍රියර් පවසන්නේ කණගාටුවෙන් වුවද තමන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සමුදෙන බවයි. 

මීළඟ තරග වාරය වන විට තම ආබාධය සුව වනු ඇති බවට බලාපොරොත්තු ඇතත්, ඒ පිළිබඳ තහවුරු කළ නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා. 

එබැවින් තමන් මෙම තීරණයට එළැඹි බවයි මැට් ප‍්‍රියර් සඳහන් කර ඇත්තේ. 33 හැවිරිදි මැට් ප‍්‍රියර් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 79කටත්, එක්දින තරග 68කටත් ක‍්‍රීඩා කර තිබෙනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad