නි.කතානායක උඩු ගුවනේ පැයක් අතරමං ‍වෙයි (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

නි.කතානායක උඩු ගුවනේ පැයක් අතරමං ‍වෙයි (ඡායාරූප)

ගාල්ල, යක්කලමුල්ල කරාගොඩ පූර්වාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැළඳවීම සඳහා දොඹකරයක ආධාරයෙන් ඉහලට ගොස් සිටි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සහ ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් අද (12) අකරතැබ්බයකට මුුහුණ දුන්නා. 

ඒ, අදාල යන්ත‍්‍රය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි බිමට බැසීමට නොහැකිව පැයකට ආසන්න කාලයක් දොඹකරයට වී සිටිමට සිදුවීමක් සමගයි. පසුව යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් සහ එම උත්සවයට පැමිණ සිටි පිරිස එක්ව ඔවුන් පහතට ගැනීම සඳහා කටයුතු කළ බවයි  වාර්තාකරු සඳහන් කළේ. 

ඉනිමගවල් සහ කඹ යොදා ගනිමින් කොත පැළඳවීමට සහභාගි වී සිටි විහාරාධිපති හිමියන් පළමුව ද ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායවරයා ද යන්ත‍්‍රයෙන් බිමට බැස්සවීමට රැස්ව සිටි පිරිස පියවර ගත්තා. පසුව යන්ත‍්‍රය යලි ක‍්‍රියාත්මක වීම හේතුවෙන් යන්ත‍්‍රයේ ආධාරයෙන්ම බිමට බැසීමට රමේෂ් පතිරණ මහතාට අවස්ථාව උදාවුණා. 





No comments:

Post a Comment

Post Bottom Ad