කාන්තාවන් සිය ගණනක් දූෂණය කර පාටි දැම්මේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 12, 2015

කාන්තාවන් සිය ගණනක් දූෂණය කර පාටි දැම්මේ නැහැ

සාරුව සුනිල්ගෙන් රන්ජන්ට එන්තරවාසියක්

සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක්‌ ඉල්ලා අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා විසින් නීතිඥවරයකු මගින් එන්තරවාසියක්‌ යවා ඇත.

රූපවාහිනී වැඩසටහනකට සහභාගී වී රන්ජන් රාමනයාක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් "අකුරැස්‌ස සභාපතිවරයා කාන්තාවන් සිය ගණනක්‌ දූෂණය කර පාටියකුත් දැම්මා. 

ඒ පාටියට දේශපාලනඥයන්ද සහභාගි වූවා" යෑයි ඒ දේශපාලනඥයන්ගේද නම් සඳහන් කරමින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි සිද්ධියක්‌ කොහෙත්ම සිදුවී නැති බවත් එම ප්‍රකාශයන් හේතුකොට ගෙන තමා දැඩි මානසික වේදනාවට පත්වූ බවත් ඔහු එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී නලීන් ද ජයතිස්‌ස මහතාද රූපවාහිනී වැඩසටහනකට සහභාගී වී තමා සම්බන්ධයෙන් එවැනි අපහාසාත්මක ප්‍රකාශයක්‌ කළැයි සඳහන් කරමින් ඔහුගෙන්ද රුපියල් කෝටි 50 ක වන්දියක්‌ අකුරැස්‌ස හිටපු සභාපතිවරයා ඉල්ලා එනතරවාසි යවා තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad