නේපාලයේ එවරස්ට් කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ භූ කම්පන මාලාව හේතුවෙන් ලොව උස ම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දෙහි උස වෙනස් වී ඇත්ද යන්න පිළිබඳව භූ විද්‍යාඥයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.
එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් මේන් අනුමාන කරනුයේ, භූ කම්පන හේතුවෙන් එවරස්ට් කන්දෙහි උස සුළු වශයෙන් වෙනස් විය හැකි බවට ය.
කෙසේ වෙතත්, නිශ්චිතව ඒ පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව ඔහු පවසයි. බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මාර්ක් ඇලන් පෙන්වා දෙන්නේ, භූ කම්පනයකදී එය සිදුවූ කලාපයේ භූ ස්ථරය යම් ගිලා බැසීමකට ලක් වන බව ය.
මේ හේතුවෙන් කත්මණ්ඩු නගරය පැවති ස්ථානයෙන් මීටර් 3ක් පමණ උතුරු දෙසට තල්ලු වී ඇතැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයෙකු වන ජේම්ස් ජැක්සන් පවසයි. මෙම භූ විපර්යාස එවරස්ට් කන්දෙහි උස වෙනස් වීමට බලපානු ඇතැයි භූ ගර්භ විද්‍යාඥයින්ගේ අදහස වී තිබේ.
කෙසේ වෙතත්, එවරස්ට් කන්දෙහි උස සුළු වශයෙන් අඩු විය හැකි වුව ද එය තවදුරට ත් ලොව උස ම ස්ථානය ලෙස පවතිනු ඇත. ලොව උස ම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද මීටර් 8848ක (අඩි 29029) උසකින් සමන්විත ය.
Saturday, May 9, 2015
Home
ප්රවෘත්ති
නේපාල භූ කම්පන මාලාවෙන් කත්මණ්ඩු නගරය තල්ලු වෙයි: එවරස්ට් කන්දෙහි උසට කුමක් වෙයි ද? (REPORT)
නේපාල භූ කම්පන මාලාවෙන් කත්මණ්ඩු නගරය තල්ලු වෙයි: එවරස්ට් කන්දෙහි උසට කුමක් වෙයි ද? (REPORT)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment