ISIS වහල් වෙළඳපොළ තුළදී ඉරාක සිරියානු තරුණියන් නිරුවතින් අලෙවි කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

ISIS වහල් වෙළඳපොළ තුළදී ඉරාක සිරියානු තරුණියන් නිරුවතින් අලෙවි කරලා

ISIS සංවිධානය විසින් වහල් වෙළඳපොළ තුළදී සිරියානු හා ඉරාක තරුණියන් අලෙවි කිරීම සඳහා නිරුවතින් ප‍්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ගැටුම් තුළ ලිංගික හිංසනය පිළිබඳ විශේෂ නියෝජිත සෙයිනාබ් බන්ගුරා මේ බව හෙළි කර ඇත්තේ අපේ‍්‍රල් මසදී තොරතුරු සෙවීම සඳහා සිදුකළ සංචාරය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වහල් වෙළඳපොළ තුළදී නිරුවතින් ප‍්‍රදර්ශනයට තැබීම මෙන්ම ISIS නායකත්වය හා සටන්කාමීන් අතර බෙදාහැරීම සඳහා තරුණියන් වර්ගීකරණය කර නිරුවතින් මොසුල් හෝ ඩොහුක් කරා ප‍්‍රවාහනය කරන බව ඇය පවසා තිබේ.

අපේ‍්‍රල් 16-29 අතර කාලයේදී සිරියාව, ඉරාකය, තුර්කිය, ලෙබනනය හා ජෝර්දානය වෙත සංචාරය කර ඇති සෙයිනාබ් බන්ගුරා ISIS ත‍්‍රස්තවාදීන්ගෙන් හා ලිංගික හිංසනයෙන් ගැලවී පැමිණි දැරියන් හා තරුණියන් හමුවී සාකච්ඡුා කර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ ගැටුම් පවතින කලාපයන්, ත‍්‍රස්ත පාලන ප‍්‍රදේශයන්, ආරක්‍ෂක හා දේශ සීමා මුරපොළ මෙන්ම රැුඳවුම් මධ්‍යස්ථාන තුළත් කාන්තාවන් හා දැරියන් ඉමහත් අනාරක්‍ෂිත තත්වයක පසුවන බවයි.

එක් තරුණියකට 20 වතාවක් ජිහාඞ්වාදීන් සමග විවාහ වන්නට සිදුව ඇති අතර ඇයට ඒ සෑම වතාවකදීම කන්‍යා පටලය සැකසීමේ සැත්කම් වලට මුහුණ පාන්නට සිදුවී ඇතැයිද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනාවරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad