කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

කුමාර් සංගක්කාර ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළමු වර‍ට ඔස්ට්‍රේලියාවේ Big Bash League (BBL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ, සංගක්කාර වසර දෙකක කාලයක් සඳහා Hobart Hurricanes කණ්ඩායම සමග ගිවිසුමකට එළඹි බව ය.

ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් සැමී සමග කුමාර් සංගක්කාර ද එම කණ්ඩායමට එක්වනු ඇත. ඔහු මේ බව විදෙස් මාධ්‍ය ඔස්සේ තහවුරු ක‍ර තිබේ.

සංගක්කාර පවසා ඇත්තේ, Big Bash League තරගාවලිය ආරම්භ වන තුරු තමන් නොඉවසිල්ලෙන් පසු වන බව ය. 38 වන වියේ පසු වන කුමාර් සංගක්කාර එක්දින තරග 404කදී ලකුණු 14234ක් රැස් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad