'ඥානසාර හිමි උසාවිය ඉදිරියේ පෙනී නොසිටියේ ඇයි?' විතානගේ හෙලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

'ඥානසාර හිමි උසාවිය ඉදිරියේ පෙනී නොසිටියේ ඇයි?' විතානගේ හෙලි කරයි

බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය දා උසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි වූයේවෙසක් උත්සවය වෙනුවෙන් පැවති සැමරුමකට සහභාගී වීමට ජපානයට වැඩම කර තිබූ නිසා බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසා සිටියි.

'ඒෂියන් මිරර්' හා සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ උසාවිය ඉදිරියේ පෙනී සිටීම සඳහා නැවත ශ්‍රී ලංකාවට වැඩම කිරීමට ඥානසාර හිමියන් කලින් සැලසුම් කර තිබුණත් ආපසු පැමිණීම වෙනුවෙන් ගුවන් ගමන් වාරයක් වෙන් කර ගැනීමට උන්වහන්සේට නොහැකි වූ බවයි.

ඒ බව අධිකරණයට දැනුම් දුන් නමුත් අධිකරණය විසින් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර ඇති බව විතානගේ මහතා ප්‍රකාශ කළේ ය.

අධිකරණ නියෝග නොසලකා හරිමින් අප්‍රේල් 23 වනදා අල්ලස් කොමිසම ඉදිරියේ පැවති උද්ඝෝෂණයකට සහභාගී වීම නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 27 දෙනෙකුට ඊයේ දින (08) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad