බි‍්‍රට්නිගෙන් කුණුහරුප වර්ෂාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

බි‍්‍රට්නිගෙන් කුණුහරුප වර්ෂාවක්

90මැඩෝනා නම්වූ ජනප්‍රිය ගායිකාව සහ නිළිය තමන්ගේ ජනප්‍රියත්වය මතු කර ගන්නට විවිධාකාර නිරූපණ සිදු කළ බව කවුරුත් දන්නා කාරණයක්. 

ඇය ගේ බොහොමයක් රංගන ආන්දෝලනාත්මක වුණා. මීට වසර ගණනකට කලින් ඇය විසින් රඟන ලද රැඟුම් අද වනවිට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී ගිහින්.

ඒ මතකය අලුත් කරන්නටදෝ වත්මන් යොවුන් පරපුරේ හදවත් දිනාගත් සුරූපී ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් ඇතැම් අවස්ථාවලදී එදා මැඩෝනා ඉදිරිපත් කළ රංගනයන්ට සමාන අංග ඉදිරිපත් කරනු දකින්නට ලැබෙනවා.

මෑතකදී ලාස්වේගාස් නුවර පැවැත්වුණු සජීවී වේදිකා ප්‍රසංගයක ගීතයක් ගායනා කරද්දී තමන් හැඳ සිටි ඇඳුම් එකිනෙක උනා දමන්නට බ්‍රිට්නි පෙලඹුණා. ඇය ඉන් පසුව වේදිකාව මත ගී ගයමින් නැටුවේ සිරුර පෙනෙන නොපෙනෙන තරම් වූ දුහුල් ඇඳුමකින් යුතුවයි.

මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ ඇතැම් අය නොසැබි වදන් පවසමින් කෑ ගැසුවා. බ්‍රිට්නි ඒවාට ප්‍රතිචාර දුන්නේ එවැනි භාෂාවකින්මයි.

Britney-Spears2 britney-spears-13 spl673605_001 2Britney-Spears-London-102711-819x1024

No comments:

Post a Comment

Post Bottom Ad