‘රට තුළ ඉන්ධන ඇත්තේ තවත් දින 05 ට යි’/ නෑ ඒක බොරුවක් -අමාත්‍යාංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

‘රට තුළ ඉන්ධන ඇත්තේ තවත් දින 05 ට යි’/ නෑ ඒක බොරුවක් -අමාත්‍යාංශය

‘රට තුළ ඉන්ධන ඇත්තේ තවත් දින 05 ට යි’/ නෑ ඒක බොරුවක් -අමාත්‍යාංශය
රජය මගින් ඉකුත් ජනවාරි 20 වැනිදා සිට ඉන්ධන මිල පහළ දැමීමට ගත් තීරණයත් සමඟ දිගින් දිගටම අති විශාල ලෙස පාඩු ලැබීමට සිදුවීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ඉන්ධන තොග ඇනවුම් කිරීමටද නොහැකි අයුරින් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි එහි අභ්‍යන්තරයෙන් වාර්තා වෙයි.
මේ හේතුවෙන් ඉන්ධන තොග රටට නොලැබීම නිසා තවත් සතියක කාලයක්‌ ඇතුළත විශාල ඉන්ධන හිඟයකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

දැනට සංස්‌ථා ගබඩා තුළ ඇත්තේ දින පහකට පමණ ප්‍රමාණවත් වන මෙට්‍රික්‌ ටොන් දසදහසක්‌ තරමේ පෙට්‌ට්‍රල් තොගයක්‌ බව සංස්‌ථා ආරංචි මාර්ග කියයි. මෙරට ජනතාවගේ දෛනික පෙට්‌ට්‍රල් පරිභෝජනය දිනකට මෙට්‌ට්‍රික්‌ ටොන් දෙදහසක් බවත් සඳහන්.


ඔක්‌ටේන් 92පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21, ඔක්‌ටේන් 95 ලීටරයකින් රුපියල් 15 ක්‌ හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 16 ක්‌ ලෙස ගෙවීගිය මාස පහක කාලය තුළ ඛනිජ තෙල් සංස්‌ථාවට මෙම මූලික අලාභය සිදුවී ඇත.

රුපියල් 117 ට විකුණන ඔක්‌ටේන් 92 පෙට්‌ට්‍රල් ලීටරයක්‌ සඳහා රුපියල් 65ක්‌ද රුපියල් 128 විකුණන ඔක්‌ටේන් 95 ලීටරයකට රුපියල් 66 ක්‌ ද වශයෙන් මේ වන විට රජය ඉන්ධන බදු පනවා තිබේ.


මේ අතර තෙල් මිළ ඉහළයාමක් මවාපාමින් රටේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ තෙල් මාෆියාව, රටතුළ ඉන්ධන හිගයක්ද ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් පතුරවමින් සිටින බව ඊට ප්‍රතිචාර දක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන මිළ ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නැතිවා සේම රට තුළ ඉන්ධන හිගයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බවද, තෙල් මාෆියාව මගින් ගෙනයන ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad