හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ගුවන් තොටුපළ වෘත්තීය සමිතියකට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලැබී ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍යට වාර්තා වෙයි.
මෙහි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කළ වැලිඅමුණ කමිටු වාර්තාවට එරෙහිව මාධ්‍ය සහ නීති අංශ ඔස්සේ මෙහෙයුමක් දියත් කිරීමට සැලැස්වීම බවත් කියවෙයි.
මේ මෙහෙයුම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අදාළ වෘත්තීය සමිතියේ ප්‍රබලයන් පිරිසකගේ සහ වැලිඅමුණ කොමිසම විසින් චෝදනා එල්ල කරන ලද හිටපු ප්‍රබල නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ පවත්වා ඇතැයි ද තොරතුරු වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ චරිත ඝාතනය කිරීමේ අරමුණින් අදාළ කොමිසම විසින් සාවද්‍ය හා තහවුරු නොකළ කරුණු පදනම් කරගෙන මෙම කමිටු වාර්තාව සකස් කොට ඇතැයි එම වෘත්තීය සමිතියේ ප්‍රබලයන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරනු ඇති බවත් එයට අමතරව මෙම කමිටු වාර්තාවට සහ එය සකස් කළ කමිටු සාමාජිකයන්ට එරෙහිව නෛතික පියවර ගත යුතු බවත් එම සාකච්ඡාවේදී ප්‍රකාශ වී තිබේ.
එයට අමතරව වැලිඅමුණ කමිටු වාර්තාවට සහ කමිටු සාමාජිකයන්ට එරෙහිව ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සඳහා වෙබ් අඩවි කිහිපයකට සහ මාධ්‍යවේදීන් පිරිසකට ද මුදල් ලබාදීමට මෙම වෘත්තීය සමිතිය ක්‍රියා කරමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා ඇත.

No comments:
Post a Comment