හරීන් සහ ගයේෂා ගැන අලුත්ම කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 9, 2015

හරීන් සහ ගයේෂා ගැන අලුත්ම කතාව

gayesha“ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයේ නිරූපණය කල ආන්දෝලනාත්මක චරිතයත් සමග වඩාත් කතාබහට ලක් වූ, ජනප්‍රිය නිළි ගයේෂා පෙරේරා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායක වූ අයෙක්.

පසුගිය දා ඇය විසින් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි, ඌව පළාත් සභා මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ඇගේ සැමියා සමඟ ගත් ඡායාරූපයක් පල වීමත් සමඟ නැවතත් ඇය පිළිබඳ කතාබහක් ඇති වී තිබෙනවා.

මෙම ඡායාරූපය, හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසෙහි ඇය සහභාගී වූ රාත්‍රී භොජනයකදී ගත්තක්. එය යොදා ගනිමින් සැකසූ අපහාසාත්මක පින්තූරයක් මේ දින වල ෆේස්බුක් ජාලයෙහි සංසරණය වෙමින් පවතිනවා. 

මෙම පින්තූරය පල කර ඇත්තේ රංග ජයවර්ධන නමින් ෆේස්බුක් ජාලය තුල පෙනී සිටින අයෙකු විසින්. ගයේෂා මෙන්ම රංග නමින් පෙනී සිටින පුද්ගලයා ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වූ අයයි. 

එහෙත් රංගගේ පින්තූරයෙන්, ගයේෂා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ඇති බවට චෝදනා නගා තිබෙනවා. එසේම මැදියම් රැයේ හරීන් සහ “තව එකෙක්” ඇගේ නිවසෙහි රැඳී සිටියා යන්න ද පල කොට තිබෙනවා. 

ලාංකීය හමුදාවලට මඩ ගහන චිත්‍රපටවල නිරුවතින් රඟපෑ මෙවන් අය පැත්ත පළාතක වැද්ද නොගත යුතු බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කඩන්න එපා යනුවෙනුත් එහි සඳහන්.

එයට තම ෆේස්බුක් පිටුව යොදා ගනිමින් ගයේෂා ප්‍රතිචාර දක්වා ඇත්තේ මේ ආකාරයෙන්.
“මෙන්න මහින්ද මහත්තයට කඩේ යන ‘රංග ජයවර්ධන’ කියන පාහරයා මට අපහාස කරල තියන විදිහ! ජනාධිපතිවරණයේ දී රට පුරා රැස්වීම් 78ක මහින්ද මහත්තය වෙනුවෙන් දිවා රෑ කතා කරල වැඩ කරපු මට මෙහෙම කරල මදි උඹලා. නාමල් රාජපක්ෂට හොදයි හරීන් එක්ක තේ බොන්නයි රගර් ගහන්නයි, හැබැයි අපි කෑම කාපු ගමන් මම බැල්ලියෙක් වුනා. උඹලා වගේ මඩ ගහන නූගත් එවුන් නිසා තමයි මහින්ද මහත්තය පැරදුනේ.”
රංග ජයවර්ධනගේ පින්තූරයට උද්වේගකාරී ලෙස ප්‍රතිචාර දක්වමින් ගයේෂා තවදුරටත් කියා ඇත්තේ, හරීන් සහ ඈ සමඟ සිටින් අනෙක් පුද්ගලයා තම සැමියා මිසක් “වෙන එකෙකු” නොවන බවත්, රංගගේ පින්තූරය හෙට දිනයේම මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වන බවත් ය. 

රංග වැන්නවුන්ගේ මෙවැනි ක්‍රියා නිසා රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානි වන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණා.

11205564_1007006515976251_3744569090536665146_n     11209624_1007006505976252_7384018203455986395_n     11193378_1007006502642919_3412752240204994795_n

No comments:

Post a Comment

Post Bottom Ad