පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට අදාළ නෛතික රාමුව ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි පරිදි පුළුල් කිරීමට තීරණය කර තිබේ.
දැනට එම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමති අනුකාරක සභාවට පමණක් වෙයි. රජයේ නව ප්‍රතිපත්තිය අනුව කැබිනට් අනුකාරක සභාවට අමතරව ඕනෑම අයකුට මෙම අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ද පසුගියදා ප්‍රබල විවේචන ඉදිරිපත් කරමින්එම අංශය පැමිණිලිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ සිට පැමිණිලිකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම දක්වා පක්ෂපාතී වැඩපිළිවෙළක් ගෙනයන බවට චෝදනා කළ අතර එම අංශයට විරුද්ධව නීතිය ඉදිරියට යන බවට ද කියා සිටියේය.
“පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය” නමින් ඉකුත් පෙබරවාරි මස 13වන දින හෝ ඊට ආසන්න දිනක නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීමට යහපාලන රජය මගින් පියවර ගෙන තිබුණි.

No comments:
Post a Comment