නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කෙතරම් මාධ්‍ය සන්දර්ශන ඉදිරිපත් කළද දූෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට විරුද්ධව කිසිවක් මෙතෙක් සිදු කරගැනීමට නොහැතිව ඇති බව විපක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පසුගියදා ඔහු විසින් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා සිටියේ දුම්න්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලාසිටින බවයි.
තවද දූෂිතයන් රැසක් කැබිනට් මණ්ඩලයට පත්කර ගැනීම සම්බන්ධයෙන්ද රන්ජන් රාමනායක නිරුත්තර වී ඇත. ඔහු මීට පෙර සදහන් කර සිටියේ දූෂණ චෝදනාවලට ලක්ව ඇති සියලුම ඇමතිවරු නීතීය ඉදිරියට ගෙන එන බවයි.
නමුත් මේ වන විට පෙනී යන්නේ ඔහුගේ නම් ලැයිස්තුවට දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දුට හා දයාසිරි ජයසේකරට සීමා වී ඇති බවයි. තවද දේශපාලන ආරංචිමාර්ග පවසන අන්දමට මේ සිදු වන්නේ රංජන් රාමනායකට ජොන්ස්ටන් ප්‍රනාන්දු හා දයාසිරි සමග ඇති පුද්ගලික කොන්තරයක් මෙලෙස ඉස්මතු කරනා බවයි.
රන්ජන් රාමනායකට මාධ්‍ය ආයතනවල කෙරෙන දේශපාලන සංවාද වැඩසටහන් වලට සහභාගී කරවීමද ඒක්සත් ජාතික පක්ෂය විසින් මේවන විට අත්හිටුවා ඇති බව පැවසෙන අතර ඊට හේතුව වී ඇත්තේද ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති සංවාදයකින් ඔහු ඉතා දුක්මුසු ආකාරයෙන් පරාජයට පත්වීම නිසා බවද සදහන්.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සමග රංජන් රාමනායක මහතා මේ වන විට නිතර ගැටුම් ඇතිකරගන්නා තත්ත්වයට පත්ව ඇතිබවද වැඩිදුරටත් වාර්තා වේ.
Thursday, April 2, 2015
එජාපයෙන් රංජන්ට කැපිල්ලක්ද?
Tags
# ඕපාදුප
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
ඕපාදුප,
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment