ඇමති ධුර ගත් නිසා ගමට යන්න බැරි පස් දෙනෙක් ගැන උදය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 1, 2015

ඇමති ධුර ගත් නිසා ගමට යන්න බැරි පස් දෙනෙක් ගැන උදය කියයි..

නව රජයේ ඇමති ධුර ලබා ගත් ශ‍්‍රීලනිප ඇමතිවරුන් පස්දෙනෙකුට තම දිස්ත‍්‍රික්කවලට යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම පිරිස හිටපු පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකර නව රජයේ ඇමති ධුර ගැනීම මෙයට හේතුවී ඇතැයිද ඔහු කියා සිටියේ ‘මහාවීර වංසය’ ග‍්‍රන්ථය එළිදැක්වීමට නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති උත්සව සභාව අමතමිනි.

‘ශ‍්‍රීලනිපය පාවාදී ඇමැතිකම් ගත්ත උදවියට අද හය හත් දෙනෙක් රැස්කරවාගෙන පිළිගැනීමේ උත්සවයක් පවත්වන්න විදියක් නැතිවෙලා. ඔවුන්ට අද ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. 

අද වෙනකොට ඇමතිවරු පස්දෙනෙකුට තමන්ගේ දිස්ත‍්‍රික්කවලට යන්න බැරිවෙලා තියෙනවා. ජනතාවට මුහුණදෙන්න බැරිව ඔවුන් මගහරිමින් සිටිනවා’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad