යහපාලනය යයි කියමින් වයි-ෆයි කොල්ලන්ට කෙල්ලන්ටත් කොත්තමලිල් ආච්චිලා සීයලාටත් දෙන ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන මහා පාවාදීම ජනතාවගෙන් වසන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
පැපිලියානේ සුනේත‍්‍රාදේවී පිරිවෙනේ පවත්වන ලද සග සමුළුවක් අමතමින් උන් වහන්සේ මෙසේද කියා සිටියේය. ‘දැන් උතුරේ හමුදා කදවුරු අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම ආරම්භ කරලා.
ආරක්ෂක මර්මස්ථානයක් වූ පලාලි ගුවන්තොටුපළේ ආරක්ෂාව බිද දමමින් පලාලි අධි ආරක්ෂක කලාපයන් අක්කර දහසක සිවිල් ජනතාව පදිංචි කරනවා. කිසිදු අවහිරතාවයකින් තොරව මේ රටේ හැම ප‍්‍රදේශකයකම දෙමළ මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා.
මහ ජාතිය වූ සිංහලයාට උතුර තහනම්. අසාධාරණය සිදුවන්නේ සිංහලයාට නොවෙයිද? වවුනියාව දිස්ත‍්‍රික්කයේ ඇති බෝගස්වැව සහ නන්දිමිත‍්‍ර යන ගම්මාන ඇතුළු සිංහල ගම්මාන ඉවත් කර අලූතින් මුස්ලිම් ගම්මාන පිහිටුවීමටත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගතයි.
අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කරන්න හදනවා. තැටිය රත් වෙලා තිබෙන වෙලාවේ මේ රජය කරන්නේ රොටිය පුච්චන එක නෙවෙයි රට ජාතික පුව්චන එකයි. දැන් හිටු කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම දෙනවා. එහෙම දීලා මේ හදලා තිබෙන්නේ ජාතික රජයක් නෙවෙයි අල්ලස් රජයක්’
Wednesday, April 1, 2015
Home
ආරක්ෂක පුවත්
හසලක ගාමිණී රණවිරු ස්මාරකය ඉවත් කරනවා.. සිංහල ගම්මාන ඉවත් කර මුස්ලිම් ගම්මාන හදනවා..
හසලක ගාමිණී රණවිරු ස්මාරකය ඉවත් කරනවා.. සිංහල ගම්මාන ඉවත් කර මුස්ලිම් ගම්මාන හදනවා..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment