අසනීපයි: පැමිණීම ප්‍රමාදයි - බැසිල් රාජපක්ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2015

අසනීපයි: පැමිණීම ප්‍රමාදයි - බැසිල් රාජපක්ෂ

අසනීප තත්ත්වයෙන් පසුවන නිසා තවත් දින කිහිපයක් ප්‍රමාද වී මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමි‍ෙණන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දැනුම් දී තිබේ.

දිවි නැඟුම ව්‍යාපෘතිය තුළ සිදුව ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන අංශය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පරීක්ෂණ 4ක් පවත්වාගෙන යයි. 

එම පරීක්ෂණවලට අදාළ ප්‍රකාශ ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණ අවසරය ඉල්ලා තිබුණි.

ඊට අදාළ නියෝගය කඩුවෙල මහේස්ත්‍රාත් විසින් පසුගිය දා නිකුත්කර තිබූ අතර එම නියෝගය මැදමුලන නිවසටත් අනතුරුව එහිදී එය භාර නොගත් නිසා ගම්පහ කාර්යාලයට භාර දී තිබේ. 

ඊට අමතරව එම නියෝගය බැසිල් රාජපක්ෂ මහතා ආපසු මෙරටට පැමිණෙන විට ගුවන් තොටුපලේ දී භාර දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad