අපහාසාත්මක චිත්‍රපටයක් නිපද වූයේ යැයි කියන රාමනාදන්ට රට ගමන් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

අපහාසාත්මක චිත්‍රපටයක් නිපද වූයේ යැයි කියන රාමනාදන්ට රට ගමන් තහනම්

ශ්‍රී ලංකා රජයට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක් වන අන්දමේ චිත්‍රපටයක් චැනල් 4 නාලිකාවට නිෂ්පාදනය කිරීමට දායක වූයේ යැයි කියන සැකකරුවකුට මෙරටින් පිටවීම තහනම් කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට භාවිත කළ පරිගණක ඇතුළු තාක්ෂණික උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන ලෙසට ඊයේ (30) නියෝග කළේය.

බොරැල්ල පොලිසිය පසුගිය 28 දින අධිකරණ නියෝගය පරිදි කළ සෝදිසි වරෙන්තුවක දී රාමනාදන් අගිනම් නම් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ පරිගණක උපාංග හා චිත්‍රපට නිෂ්පාදනයට යොදාගන්නා තාක්ෂණික උපකරණ සොයාගෙන ඇත.

අදාළ චිත්‍රපටය ශ්‍රී ලංකා රජයට හා ත්‍රිවිධ හමුදාවට අපහාසයක්, අපකීර්තියක් වන්නේද? එය අන්තර්ජාලය හරහා වෙනත් රටවලට හා පුද්ගලයන්ට  යොමුකර ඇද්ද යන්න පිළිබඳ හා සංයුක්ත තැටිවලට පිටපත් කර ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට මොරටුව විශ්වවිද්‍යාල පරිගණක අංශයට යොමු කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ බොරැල්ල පොලිසිය ඉල්ලා සිටියේ පරීක්ෂණ අවසන් නොමැති බැවින් රාමනාදන් අගිනම්ට විදේශ ගත වීම තහනම් කරන ලෙසය.

ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව හා ත්‍රිවිධ හමුදාවට විරුද්ධව පිටස්තර ජනයා තුළ හැඟීම් ඇවිස්සීම, වෛරයක් ඇති කිරීම, අගෞරව කිරීමේ අරමුණ ඇතිව විදෙස් රූපවාහිනී නාලිකාවකට සැපයීමේ අරමුණින් මෙම චිත්‍රපටය සකස් කළේ ද යන්න පරීක්ෂණ පැවැත්වේ. 

අගිනම් සැකකරු සමඟ තවත් සැකකරුවන් කීප දෙනෙක් හඳුනාගෙන ඇති බව බොරැල්ල පොලිසිය කරුණු වාර්තා කළේය. නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් 28 දිනට කල් තැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad