පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මඩ ගැසීමේ අරමුණින් අසභ්‍ය වචන අන්තර්ජාලයට මුදාහැරි බදුල්ලේ සුජිත් නිලන්තට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) චෝදනා දෙකක් යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.
අසභ්‍ය වචන අන්තර්ජාල (මුහුණුපොතේ) ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම, එම කාන්තාවගේ ඡායාරූප ඇයගේ කැමැත්තකින් තොරව සන්තකයේ තබා ගැනීම, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය ලිඛිත කරුණු පළකිරීම හේතුවෙන් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනතේ 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය පරිදි දඬුවම් ලැබිය යුතු වරදක් කිරීම සහ චෝදනා දෙක යටතේ මේ නඩුව පැවරීය.
දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත සැකකරු සමඟ කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාවකගේ ඡායාරූප මෙසේ අන්තර්ජාල ෆේස්බුක් ගිණුම්වල පළකර ඇත.
සැකකරු පසුගිය 27 දින ෙකාළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඊයේ (30) මෙම චෝදනා පත්‍රය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර නඩුව ලබන 01 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Tuesday, March 31, 2015
ජනපතිවරණයේදී මෛත්‍රීට මඩ ගැසූ බදුල්ලේ සුජිත්ට නඩු
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment