කොන්දක් ඇති දේශපාලනඥයන් කිසිවෙක් හවුල් ආණ්ඩුවේ මැති ඇමැතිකම් බාරගෙන නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

කොන්දක් ඇති දේශපාලනඥයන් කිසිවෙක් හවුල් ආණ්ඩුවේ මැති ඇමැතිකම් බාරගෙන නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

කොන්දක් ඇති දේශපාලඥයන් කිසිවකු හවුල් ආණ්ඩුවේ මැති ඇමැතිකම් බාරගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. 

ගොවිජන සංවිධාන එකමුතුව එක්ව නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ (30) සංවිධානය කර තිබු ගොවි හමුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

මෙය ජාතික ආණ්ඩුවක් නොව අවුල් ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදි එය නිවැරැදිව බලාගත හැකි බවත් හෙතෙම කීවේය. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදින් අදහස් විමසු විට එය තමන් ගැඹුරින් අධ්‍යනය කර නොමැති බවත් එහෙත් එහි ඇති ඇතැම් යෝජනා අවුල් සහගත බවත් කියා සිටියේය.

අධිකරණයට විනිසුරුවන් පත්කිරීමේදි නීතිඥ සංගම්වලින් උපදෙස් ලබාගැනීම වැනි යෝජනා නිසා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වී ඇති බව පැවැසු රාජපක්ෂ මහතා නීතීඥ සංගම්වල පස්සෙන් යෑමට සිදුවන බව කියා සිටියේය.

ප්‍රශ්නය - ඔබතුමන් අද (31) අධිකරණ හමුවට කැඳවා තිබෙනව නේද ? ඔබතුමා යනවද ?

පිළිතුර - මම නීතිඥයෙක් වුණාට ඔවැනි ප්‍රශ්නවලදි මමත් නීතීඥ උපදෙස් ලබාගන්න ඕන. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ.

ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයකු එලෙස අධිකරණය හමුවට කැඳවන්න පුළුවන්ද ?

පිළිතුර - ඒක මටත් ප්‍රශ්නයක්. හිටපු ජනාධිපතිවරයකුගේ ක්‍රියාකලාපය ගැන විමසන්න අධිකරණයට කැඳවන්න බැහැ මම දන්න විදියට.

ප්‍රශ්නය - කවදද ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ ?

පිළිතුරු - තව කල්තියෙනව නේ. අපි බලමු.

ප්‍රශ්නය - මෙවර මැයි රැළියට එක්වෙනවද ?

පිළිතුර - වැඩ කරන ජනතාව කොතනද මම එතන. මොකඳ මම හැමදාම හිටියේ වැඩකරන ජනතාව එක්ව.

මම වෙනත් වැඩ කිහිපයකට යන්න සූදානම් වෙලා එද්දි තමයි මේ අය මේ ස්ථානයට ඇවිත් එන්න කියලා ඉල්ලීම් කළේ. ජනතාව ඉල්ලිම් කරද්දී නෑවිත් බැහැ නේ. මම තවත් වැඩ කිහිපයක් තියෙනවා යන්න අවසර යැයිද ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා පිටත්ව ගියේය.

දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad