ඈවරයි.. දෑවරයි.. තව ටික දිනකින් ශ‍්‍රීලනිපයේ කට්ට එහේ.. මදය මෙහේ.. යන එන මං නැති වුණු චම්පිකලා මේ හදන්නේ ලක්‍ෂ 58න් ඡන්ද ගන්නයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ඈවරයි.. දෑවරයි.. තව ටික දිනකින් ශ‍්‍රීලනිපයේ කට්ට එහේ.. මදය මෙහේ.. යන එන මං නැති වුණු චම්පිකලා මේ හදන්නේ ලක්‍ෂ 58න් ඡන්ද ගන්නයි..

මේ තියෙන පාර්ලිමේන්තුවේ ඔබ ඉන්නේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා මුලින්ම අහුවොත්?

පැහැදිලිවම විපක්ෂයේ

ඔබතුමන්ලා කොහොම කිව්වත් එජාපයත් ශ‍්‍රීලනිපයත් එකතුවෙලා ජාතික ආණ්ඩුවක් හදලා නේද?

මේක හවුල් ආණ්ඩුවක්.  ජාතික  ආණ්ඩුවක් කියන්න බැහැනේ.  ජාතික ආණ්ඩුවක් කිව්වාම විපක්ෂයක් නෑනේ.  ඒ වෙලාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක්ම එකතු වෙලා රට පාලනය කරනවා.  මෙතන එහෙම දෙයක් නැහැ.  හවුල් ආණ්ඩුවක් විතරයි තියෙන්නේ.

අනුර ප‍්‍රියදර්ශන  යාපා ශ‍්‍රීලනිප මහලේකම්වරයා කියනවා ඇමති ධූර දරන ගමන් විපක්ෂයේ කාර්යභාරයත් ඉටු කරනවා කියලා.  කොහොමද ඇත්තටම එහෙම කරන්නේ?   

අද ශ‍්‍රී ලංකාවේ දේශපාලනයෙ තියෙන  ප‍්‍රධාන වියවුල් එකයි. ඒ කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාස  බැලූවොත් පාර්ලිමේන්තු ක‍්‍රමය තියෙන රටවල් දිහා බැලූවත් ආණ්ඩු පක්ෂයත් තියාගෙන විපක්ෂයත් අල්ලගන්නා ක‍්‍රමයක් තිබිලා නැහැ. හරිනම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණා ඔය ක‍්‍රමේ කරන්න.  

මොකද ආසන 150 කට වඩා තිබුණා. රනිල් වික‍්‍රමසිංහට ඒ වෙලාවේ තිබුණේ ආසන හතලිස් ගාණයි. එතකොට මන්ත‍්‍රීවර පනහක් විතර විපක්ෂයට එවපා රනිල්ගේ සංඛ්‍යාවට වඩා අපේ සංඛ්‍යාව වැඩියි කියලා එයින් කෙනෙක්ව විපක්ෂ නායක කළා නම් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට විපක්ෂ නායකකමත් නැති වෙනවා. එහෙම නොකළේ එය සුදුසු නැති නිසායි.

ජාතික නිදහස් පෙරමුණටත් ආණ්ඩුවට එක්වෙන්න කියලා ආරාධනයක් ලැබුණොත් මොකද කරන්නේ?    

අපි කිසි ලෙසකින්වත් මේ අවුල් හවුල් ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ.

ජවිපෙ මේ ආණ්ඩුවේ ඇමැති ධූර ලබාගෙන නැහැ.ඔබ හිතන විදිහට ඔවුන් ආණ්ඩුවේ පාර්ශ්වකාරයෝද නැද්ද?

ඔව් ඔවුන් ජාතික විධායක සභාවෙ ඉන්නවනෙ.ඒක ඇමැති මණ්ඩලයටත් උඩින්නෙ.මේ අය පවත්වාගෙන යන්නෙ.මම  ඕකට කියන්නේ ජාතික දඩයම් සභාව කියල.මොකද ඒකෙ කතා කරන්නෙ කාවද හිරේ දාන්නෙ කාවද අත්අඩංගුවට ගන්නෙ කියලයි.

අනුර කුමාර මහතා ඒකෙ සාමාජිකයෙක්නෙ.ඒකෙ ඉන්නවා සම්පන්දන් මහත්තයා.වික‍්‍රමබාහු මහත්තයා.අසාද් සාලි මහත්තයා.මනෝ ගනේෂන් මහත්තයා.ජනාධිපති.අගමැති වගේ අය.ජවිපෙට ආණ්ඩුවත් එක්ක තියෙන්නේ අනියම් සම්බන්ධයක්.

ජාතික ආණ්ඩුව හෝ ඔබ කියන විදියට හවුල් ආණ්ඩුවෙන් හෝ සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ මහතා නැවත ගෙන ඒමේ ව්‍යාපාරයට පහර වැදීම කියල හිතන්නෙ නැද්ද?

ඒ අරමුණින් තමා  ඕක කළේ.හැබැයි ඒ ගොල්ලො හිතන ප‍්‍රතිඵලය නෙමේ අපට ඒකෙන් ඇති වෙන්නෙ.ඇත්ත කතාව ඒ ගොල්ලන්ට කාලය ටිකක් ඇදගන්න  ඕන.මහින්ද රාජපක්ෂ සාධකය දුර්වල වේවි කියල හිතනවා.හැබැයි ඒකෙ වාසියත් මහින්ද රාජපක්ෂ මහතාට මිස එයාලට නෙමේ.

මේ සිදුවීම් එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිරෙන පාටක්ද තියෙන්නේ?

දැන් ශ‍්‍රීලනිපය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රාණ ඇපයට අරන් තියෙන්නෙ.ශ‍්‍රීලනිපය අද තමන්ට ඓතිහාසිකව උරුම වූ අනන්‍ය භූමිකාව ඉටුකරගත නොහැකි තැනකට පත්වෙලා.ඒ සමග සිටින බලවේග ආසන්න වශයෙන් කිව්වොත් ලක්ෂ 58ක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි.

ශ‍්‍රීලනිපය කියන බෝඞ් එකත් එක්ක ඉන්නෙ ජනාධිපති මෛත‍්‍රිපාල සහ උඩින් ඉන්න කිහිප දෙනෙක් විතරයි.ඒ නිසා නිදහස් පක්ෂය විශාල ප‍්‍රශ්නයකට මුහුණ දීලා.ඔවුන් සිදුනොකරන භූමිකාව අද අපි ඉටු කරමින් ඉන්නවා.

ඔබ කතා කරන්නේ ශ‍්‍රීලනිපය කියන්නේ මහින්ද..මහින්ද කියන්නේ ශ‍්‍රීලනිපය වගේනේ..

ඒක මම නෙමේ කියන්නෙ ඡුන්දෙ දීපු ලක්ෂ 58ක ජනතාව.තාමත් පැරදිච්ච නායකයා බලන්න එන්නේ,රැුළිවලට එන්නේ ඒ මිනිස්සු.ශ‍්‍රීලනිපය කියන නමට උඩින් මිනිස්සුන්ගෙ හිතේ ඉන්නේ මහින්ද රාජපක්ෂ.

ගම්වල ඉන්න නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරුන්ට මහින්ද එක්ක එන්න නැතුවනම් එන්න එපා කියල ජනතාව කියන්නෙ ඒකයි.මේ රටේ කෘතගුණ දන්න මිනිස්සු දන්නවා ඔහු කාලය කා දැම්මෙ දෙවැනි ධූර කාලෙ දැවැන්ත සංවර්ධනයක් කළා.එතුමා පැරැදුණේ එතුමාට නෙමේ එතුමා වටේ සිටි ඇතැම් අයට පළවෙච්ච විරුද්ධත්වය මතයි.

මහින්ද රාජපක්ෂ මහතාත් පසුගියදා කියල තිබුණා තමන් වටා හිටිය සමහරු කුහකයන් බව අද තේරෙනවා කියල.ඔබත් ඔහු ළගින්ම හිටි කෙනෙක්.පොදුවේ එල්ල වන එම චෝදනාව ඔබටත් අදාළ වෙනවා වෙන්න බැරිද?

ඔබ කියන්නේ මම ගැනත් එතුමා කිව්වා කියලද?ඔහු අදහස් කරලා තිබුණේ සමහර පිරිස් කියලයි.එතුමා යම් අත්දැකීමක් ලබලා ඒ ඇසුරෙන් ලබපු අවබෝධය තමයි ඒ පළ කරන්නෙ.

ඡන්දෙන් පස්සේ ඔබ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාව දැඩි ලෙස විවේචනය කළා.දැන් පහුගිය ආණ්ඩුව ගැන ස්වයං විවේචනයක නිතර වෙනවාද?

අනිවාර්යෙන්ම ඔව්.අපි අඩුපාඩු හදුනගෙන තියෙනවා.ඉතිහාසයේ වුණු අඩුපාඩු පුනරූපණය කරන්න අපට අවශ්‍ය නැහැ.ඒ අත්දැකීම් එක්ක වැරැුදි හදාගෙන ඉදිරියට යන්න අපිට පුලූවන්කම තියෙනවා.

මහින්ද එක්ක නාවොත් ඡන්දය නැහැ කියල කියන එක ඔබතුමාන්ලාටත් පොදුයිද?

එහෙම කියන්නේ ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරුන්ටයි.අපට නෙමේ.අපිට තනියම ඡුන්දෙ ඉල්ලලා ජයග‍්‍රහණය කරලා පෙන්නන්න පුළුවන්.ඒත් අපි මන්ත‍්‍රීලා වුණා කියල ඇති වැඩක් නැහැ.මේ ගමන වෙනස් වෙන්න  ඕන.ජාතික ආරක්ෂාව බිල්ලට දීලා.

උතුරේ හමුදා කදවුරු අනාරක්ෂිත කරලා,අධිආරක්ෂිත කලාප අයින් කරලා පොලිස් කොට්ඨාස ඉවත් කරලා දෙමළ ඊළාම් ජාතිවාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය වුණු සියලූ දේ නොමිලේ කරල දෙනවා.අනිත් පැත්තෙන් දීපු පොරොන්දු අමුඅමුවේ උල්ලංඝණය කරල,ජනතාවගේ ජීවන බර අඩුවෙලා නැහැ.මේ සියල්ල අනුව නැවතත් මහින්ද රාජපක්ෂ  ඕන කියල ජනතාව තීන්දු කරල ඉවරයි.

නමුත් වර්තමාන රජය දෙමළ සන්ධානයත් එක්ක පෙර නොතිබුණු සහයෝගීතා ගමනක යාම රටට හොදක් කියල හිතෙන්නෙ නැද්ද?

ඔව් ඉතින් දෙමළ සන්ධානයට ඉලක්කයක් තියෙනවා.ඔවුන්ගෙ ඉලක්කය තමයි පූර්ණ ස්වයං පාලනයක් දිනාගැනීම.ඉතින් ඊට කලින් මෛත‍්‍රීපාල සිරිසේන වගේ කෙනෙක් ලවා ඊට අවශ්‍ය වාතාවරණය හැදීම තමයි ඔවුන් කරන්නෙ.නැතිනම් පොලිස් කොට්ඨාස ගලවන්නේ ඇයි?

මේ ප‍්‍රදේශවල ජනතාව කැමතියිනෙ පොලිස් කාර්යාලයක් එනවට.ඔවුන්ගේ කටයුතු සමීපව නිරීක්ෂණය නොවීමේ අරමුණින් තමා එහෙම කියන්නෙ.සංහිදියාව කියන්නේ ලේ හලල දිවිපුදල බේරාගත්තු පොළොව පාවල දෙන එක නෙමේ.

සන්ධානයේ මහලේකම්වරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියා මහින්ද රාජපක්ෂ මහතාටත් සන්ධානයෙන් නාමයෝජනා දෙන්න සූදානම් කියල.එහෙනම් ප‍්‍රශ්නයක් නැහැ නේද?

මහ මැතිවරණයට සන්ධානයෙන් තරග කරන්න දෙනවද නැද්ද කියන එක නෙමේ කියන්න  ඕන.අගමැති අපේක්ෂකයා විදියට තරග කරන්න දෙනවද නැද්ද කියන එකයි.වැදගත්ම කෑල්ල හලල කියල වැඩක් නැහැ.

අගමැති අපේක්ෂකත්වය ඔහුට නොලැබුණොත් ඔබතුමන්ලා සන්ධානයෙන් ඉවත් වෙනවද?

ඉදිරියේදී ඒ ගැන තීරණ ගන්නවා.

ඔබත් ඉන්නේ දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායකකම ලැබිය යුතුයි කියන මතයේද?

අනිවාර්යෙන්ම.මොකද විපක්ෂ නායකකම ආණ්ඩුවට සින්න වෙන්න බැහැනෙ. සැබෑ ලෙසම විපක්ෂයේ භූමිකාව කරන කෙනෙක් අතට එය යා යුතුයි.ඒ නිසායි අපි ඔහුව යෝජනා කරල තියෙන්නෙ.

කරු ජයසූරිය ඇමතිතුමා කියනවා කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු යහපාලනය දැන් බිහිවෙලා කියල.ඇත්තද කතාව?

මට කියන්න තියෙන්නෙ ‘සභාවේ සිනා’ කියලයි.කොහෙද යහපාලනේ තියෙන්නෙ.මහ බැංකු බැදුම්කර වංචාව දැක්කනෙ.මහ බැංකු ඉතිහාසයේ ඔහොම දෙයක් වෙලා තියෙනවද?සියයට නමයයි දෂම ගාණක් තිබ්බ පොලිය සියයට දොළහයි දශම ගාණකට වැඩි කරන්නෙ ඇයි?බෑනගෙ සමාගම බිලියන පහක් ආයෝජනය කළේ ඇයි?

පොලිය වැඩිකිරීම හරහා වෙච්ච පාඩුව විතරක් බිලියන 40ක විතර පාඩුවක් රටට වෙලා.කලින් කිව්වේ අධිවේගී මාර්ගයෙන් හම්බ කරනවා කියල.ඒකෙන් අඩුම තරමේ පාරක් හරි තියෙනව.මෙතනින් මොකුත්ම නෑ.හොරකම විතරයි.කරු ජයසූරියට යහපාලනේ වගේ පේනවා ඇති.ජනතාවට නම් එහෙම පේන්නෙ නැහැ.හෙළ උරුමෙම කියනවා දැන් ආණ්ඩුවේ හොරකම් හොයන්න සිද්ධ වෙල කියල.

හැබැයි එජාපය කියන්නෙ මේ වගේ දේවල් ඉස්සර ආණ්ඩුව යටතේ හෙළි වුණෙත් නැහැ හොයන්න කමිටු දැම්මෙත් නැහැ කියලයි.මේ වගේ දේවල් හෙළි වෙන්නෙ විමර්ශන කමිටු පත්වෙන්නෙ යහපාලනේ නිසා කියලයි කියන්නෙ?

හෙළිකිරීම් මොකද නොවුණේ?ඒ කාලෙත්  ඕන කෙනෙක්ට ප‍්‍රසිද්ධ කරන්න කතා කරන්න පුළුවන්.මහ බැංකු අධිපතිවරයා ඉතිහාසයේ පළමුවරට ලාංකිකයෙක් නෙමේ.ඔහු සිංගප්පූරු ජාතිකයෙක්.බැදුම්කර වෙන්දේසි කාමරයේත් ඔහු පැය දෙකකට වඩා ඉදලා තියෙනවා.කවදාවත් මහ බැංකු අධිපතිවරයා බැදුම්කර වෙන්දේසි කාමරයට යන්නේ නැහැ.මේක සැලසුම් සහගතව කෙරුණු හොරකමක්.

ජාතික ගීය දෙමළ බසින් ගැයීම වැරැද්දක්ද?

ලෝකයේ රටවල් කිහිපයකට පමණයි ජාතික ගීය භාෂා කිහිපයකින් තියෙන්නෙ.ඒ හැම රටකම ඒකට යම් ඓතිහාසික හේතුවක් තියෙනවා. උදාහරණයකට යටත් විජිත දෙකක් වශයෙන් තිබුණු රටවල් දෙකක් පසුව එකතු වීම නිසා භාෂා දෙකකින් ජාතික ගීය තිබෙනවා වෙන්න පුළුවන්.

සීයට අනූවක් රටවල එක භාෂාවකින් තමයි තියෙන්නෙ.දෙමළ ඊළම කියල රටක් තිබිලා සිංහල ලංකාව කියල රටක් තිබිලා ඒ දෙක එකතුවෙලා නම් ශ‍්‍රී ලංකාව කියන රට හැදිලා තියෙන්නේ භාෂා දෙකකින් තියෙන එක ප‍්‍රශ්නයක් නැහැ.

පාර්ලිමේන්තු තුළ ජවිපෙ සහ එජාපය කටයුතු කරන ආකාරය ඔබ දකින්නේ කොහොමද?

ඒක පිටපතක් අනුව වෙන දෙයක් වගෙ.ජවිපෙ බෝල දානවා අරගොල්ලෝ ඩෑෂ් ගහනවා.අනික ජවිපෙ විවේචනය කරන්නේ ආණ්ඩුවේ මෛත‍්‍රීපාලගේ පැත්ත විතරයි.එජාප පැත්ත ඔවුන් විවේචනය කරන්නේ නැහැ.ඒක තමයි අනුර කුමාරට කරන්න දීල තියෙන කොන්ත‍්‍රාත්තුව.

ආණ්ඩුව ගේන 19 සංශෝධනේට ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන චම්පික රණවකටත් විරුද්ධයි.මේ ආණ්ඩුව බිදීයාමක පෙරනිමිති කියලත් සමහරු කියනවා.ඔබ හිතන්නේ?

ඒකනෙ කිව්වේ මේක හවුල් අවුලක් කියල.දින හැත්තෑවක් යනකොට ඇමතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙනවා.එක්කෙනෙක් විපක්ෂයටම එනවා.හොදට පිළිවෙළට ඉදිරියට ගිය මේ රට මේ අය අවුලට පත්කරලා තියෙනවා.

චම්පිකලා මුහුණදෙන ප‍්‍රශ්නය තමයි ඊළග මැතිවරණයට මුහුණ දෙන්නෙ කොහොමද කියල.ලක්ෂ 58ට ආමණ්ත‍්‍රණය කළාට වැඩක් නැහැ ලක්ෂ 62ට ආමණ්ත‍්‍රණය කරනවා නම් යූඇන්පීයත් එක්ක යන්න  ඕන.ඒ තත්ත්වය තුළ 19ට විරුද්ධ වෙලා ලක්ෂ 58 තුළ නැවත ආදරයක් ඇතිකරන්න උත්සාහ කරනවා.

- දේශය පුවත්පතිනි

No comments:

Post a Comment

Post Bottom Ad