ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි - නව භාරකරු වෙත්තමුණි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2015

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවයි - නව භාරකරු වෙත්තමුණි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ඒ වෙනුවට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පසුගිය සිකුරාදා (මාර්තු 27)ප්‍රකාශයට පත්කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට රජය පියවර ගෙන තිබුණ අතර නව අතුරු පාලක මණ්ඩලයේ සභාපති පදවියට සිදත් වෙත්තමුණි නම් කර තිබේ.

ක්‍රීඩා පනතේ 32,33 සහ 34 වගන්ති ප්‍රකාර එම අතුරු කමිටුව ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය නවීන් දිසානායක විසින් පත්කරන ලද බවයි එම විශේෂ ගැසට් පත්‍රයෙහි දැක්වෙයි.

ක්‍රිකට් නිලවරණයක් කෙනාපවත්වාම මෙම තීරණයට යාමට අගමැතිවරයා පියවරගෛන ඇති අතර ඒ ගැන පැහැදිලි කරමින් අගමැති කියා සිටියේ, 'මේ පුද්ගලයන්ට යලිත් ඡන්දයක් තියන්න ඉඩ දුන්නොත් ඔවුන් සිදු කරපු වංචා දුෂණ හොයා ගන්න බැහැ, ඒවා සොයාගත් පසුවයි ඡන්දයක් පැවැත්විය යුත්තේ'

අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් පත් කෙරෙන අතුරු පාලක මණ්ඩලයට සිදත් වෙත්තමුණි,ප්‍රකාශ් ශාෆ්ටර්,ලුසිල් විජේවර්ධන,කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන ඇතුලත් නිලධාරීන් මණ්ඩලයක් නම් කරනු ලැබ ඇත.

ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර නුස්කි මොහමඩ්,ප්‍රසන්න ජයවර්ධන,ජයනන්ද වර්ණවීර සහ දුමින්ද හුලංගමුව ඊට ඇතුලත් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad