එස් බී ට හා පවිත්‍රාට ඇමතිකම් දීම ගැන ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2015

එස් බී ට හා පවිත්‍රාට ඇමතිකම් දීම ගැන ආණ්ඩුව ඇතුලෙන් විරෝධයක්

පසුගිය ජනපතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයට ආන්දෝලනාත්මක කථා සපයමින් දායකවී මෛත්‍රිපාල සිරිසේන ජනපති අපේක්ෂකයාගේ පරාජය  වෙනුවෙන් වෙහෙසගත් ප්‍රධාන පෙළේ හිටපු ඇමතිවරුන් දෙපළක් වන එස්බී දිසානායක හා පවිත්‍රා වන්නිආරච්චි දෙපළට නව රජය යටතේ ඇමති හා ඇමතිනි පදවි දීම සම්බන්ධයෙන් අභ්‍යන්තරයෙන්ම විවේචන එල්ලවී ඇත.

එස්බී දිසානායක පසුගිය මැතිවරණ සමයේ චන්ද්‍රිකා මැතිණියට නිරුවත් කතාවක් කීම නිසා දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර එයම පාරාවලල්ලක් කරගෙන මැතිවරණ ප්‍රචාරණයට හිරුණිකා සම්බන්ධවූ වෙළෙඳ දැන්වීමක්ද විකාශය විය.

මේ ගැන චන්ද්‍රිකා මැතිණිය ජනපතිවරයාට සිය විරෝධය පළකර තිබෙන බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad