ප්රදේශවාසීන් චෝදනා කරන්නේ, අදාළ පැති බැම්ම නිසි ප්රමිතියෙන් තොරව ඉදිකර තිබීම
අනතුරට හේතුව බවයි.
මියගිය පුද්ගලයා ඇතුළු 6 දෙනෙකු මා ඔයේ දිය නා නැවත පාලම මතට පැමිණෙන අවස්ථාවේදී එහි පැති බැම්ම ගැලවී ගොස් තිබෙනවා.
අනතුරින් පසු පැති බැම්මට යට වූ පුද්ගලයා බේරා ගැනීමට ප්රදේශවාසීන් හා අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවුණා. සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ පී.එන්.ඒ. ජයකොඩි නම් 48 හැවිරිදි පුද්ගලයෙක්.
දෙදරු පියෙකු වන ඔහු මීරිගම - වලව්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සිදුවූ පාලම මීට මාස කිහිපයකට පෙර වැඩ අවසන් කර රථවාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා.
එහි වීඩියෝව පහතින්...
No comments:
Post a Comment