ලිංගික දර්ශන නිසා ‘Fifty Shades of Grey’ චිත‍්‍රපටයට තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

ලිංගික දර්ශන නිසා ‘Fifty Shades of Grey’ චිත‍්‍රපටයට තහනමක්

‘ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටය මේ වන විට ලොව පුරා රටවල් රැසක තිරගත වන්නේ උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්. 

නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟන්නේ ජැමී ඩෝනාන් සහ ඩැකෝටා ජොන්සන්.

මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීම අත්හිටුවා තිබෙනවා. ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ නිර්දේශය අනුවයි මේ තීරණය ක්‍රියාත්මක වී ඇත්තේ. චිත්‍රපටයේ ඇතුළත් වන ලිංගික ජවනිකා මේ තහනමට හේතු වී තිබෙනවා. 

මෙවැනි චිත්‍රපට ඉන්දීය සිනමාහල් තුළ ප්‍රදර්ශනය කිරීම නුසුදුසු බවයි. එරට රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ශර්වන් කුමාර් පවසන්නේ. 

චිත්‍රපටයේ බෙදා හැරීම් කටයුතු සිදුකරන යුනිවර්සල් සහ කොම්කාස්ට් යන සමාගම් දෙක මේ තීරණය නැවත සලකා බලන ලෙස අභියාචනයක් ද ඉදිරිපත් කරලා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මණ්ඩලය විරෝධය දක්වා ඇත්තේ චිත්‍රපටයේ ඇතුළත් වන ඇතැම් දෙබස් ඛණ්ඩයන්ට බවයි.

කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ ඇතුළත් වන එවැනි දෙබස් සහ ලිංගික දර්ශන මේ වන විට ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි යුනිවර්සල් සහ කොමිකාස්ට් යන සමාගම් දෙක තම අභියාචනයෙහි සඳහන් කර තිබෙනවා. මැලේසියාව, ඉන්දුනීසියාව සහ කෙන්යාව යන රටවල ද ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ චිත්‍රපටය තිරගත කිරීම තහනම් කරලා.





No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *