මේ පනත සේනක බිබිලේ ඖෂධ පනත නොවෙයි…එසේ හැදින්වීම අපරාධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

මේ පනත සේනක බිබිලේ ඖෂධ පනත නොවෙයි…එසේ හැදින්වීම අපරාධයක්

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඖෂධ පනත ඖෂධ සමාගම්වල ආශිර්වාදයෙන් ඉදිරිපත් කෙරෙන ජනතාවට හෝ සෞඛ්‍ය සේවයට කිසිදු පලක් නැති  පනතකැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා ප‍්‍රකාශ කළේය.

සිංහල හෝ දමිළ පරිවර්තනය නැතිව සමාජ සංවාදයකින් ද තොරව ජනතා අදහස් නොවිමසා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පවා නොපෙන්වා  ගෙන එන මේ පනත සම්මත කළහොත් එය හකුළා ගන්නා තුරු සටන් කරන බවද ජයගොඩ මහතා ප‍්‍රකාශ කළේය.

මෙකී පනත ගෙන ඒම සිංහයෙක් පොරොන්දු වී මී කුණක් ලබා දීම වැනි යැයිද මේ ඉදිරිපත් කරන පනත සේනක බිබිලේ ඖෂධ පනත ලෙස හැදින්වීම අපරාධයක් බවත් ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad