පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂ එක් කර ගනිමින් මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමට රීති සහ රෙගුලාසි සියල්ල මේ වන විටත් සකස් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජාතික හෙළ උරුමය, වමේ පක්ෂ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලූම දේශපාලන පක්ෂ සමග එක්ව රට පාලනය කිරීමට සූදානම් බවයි.
ජනතා ප‍්‍රශ්න විසදීම සදහා සියලූ දේශපාලන පක්ෂ එක්ව පොදු එකගතාවයක් මත අලූත් ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කෙරෙන බවද ඔහු පැවසීය.
No comments:
Post a Comment