හොසේ මුජිකා ලොව ජනප‍්‍රියතම ජනාධිපතිවරයෙකු ලෙසද සැලකේ.
ලොව සෑම රටක්ම සිය ජනාධිපති බවට පත්කරගනු ඇති පුද්ගලයෙකු ලෙස විචාරක සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු පවසා ඇත්තේ පසුගිය නොවැම්බරයේදී දෙවන වාරයකටත් ජනාධිපතිධුරයට පත්කරගනු ලැබූ ටබාරේ වැස්ක්වෙස්ගේ රජයද තවත් කළ යුතුව ඇති බොහෝ දේ කිරීම සඳහා පියවර ගනු ඇති බවයි.
මිලියන 3-4ක ජනගහනයක් සහිත එඞ්ර රාජ්‍යයක් වූ උරුගුවේ බලශක්ති අපනයනකරුවකු ලෙස ලෝක සිතියමේ සටහන් කරන්නට මුජිකාගේ පාලනයට හැකිවිය.
2005 සිට උරුගුවේහි ඩොලර් බිලියන 55ක් විශාලැති ආර්ථිකය 5.7%ක වේගයකින් අඛණ්ඩව වර්ධනයවී ඇති අතර දරිද්‍රතාවයද බෙහෙවින් පහත හෙළීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
උරුගුවේ රාජ්‍යය මරිජුවානා පූර්ණ වශයෙන් නීතිගත කළ පළමු රාජ්‍යය වූයේද හොසේ මුජිකාගේ මැදිහත්වීමෙනි. ජනාධිපති මැදුර අතහැර මොන්ටිවීඩියෝ අසල ගොවිපළක සිය බිරිය සමග ජීවත්වූ ඔහු හිටපු ටුපැඅමෝරෝ වාමාංශික ගරිල්ලා නායකයෙක්ද වේ.
උරුගුවේ තුළ ගබ්සාව හා සමලිංගික විවාහ නීතිගත කිරීමටද හොසේ මුජිකා විසින් පියවර ගනු ලැබිණි.

No comments:
Post a Comment