මෙරට ඇතැම් දේශපාලනඥයින් සහ ඉහල නිලධාරීන් සම්බන්ද නිසා මත්කුඩු ජාවාරම මර්ධන කිරීමට ලෙහෙසි නැති බව ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ පවසති.
උන් වහන්සේ මෙසේ කියා සිටියේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උන් වහන්සේ මෙසේද ප‍්‍රකාශ කළහ.
‘මත්කුඩු නැති කිරීමට ලෙහෙසි පහසු නැත්තේ මේවට සමහර දේශපාලනඥයින් ලොකු නිලධාරීන් හවුල්වෙලා ඉන්න නිසයි. ඒ නිසා බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු හෙළිවන්නේ නැහැ.
මේවාට සම්බන්ධ සියලූදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න ඕනෑ. මත්ද්‍රව්‍ය මැඩලීමට අපි ජාතික ප‍්‍රතිපත්තියක් හැදුවත් ඒක ක‍්‍රියාත්මක වීමේ අභියෝගයක් තිබෙනවා. මත්ද්‍රව්‍ය වලට එරෙහිව ඉදිරිපත් වීම මාරාන්තික වැඩක්.
අපේ රටේ එතනෝල් ඇමතිවරු ඉන්නවා. කුඩු ජාවාරම්කාරයා ජන්දෙ කාලෙට දේශපාලනඥයන්ට දිගට හරහට සල්ලි බෙදනවා. රටක කුඩු ජාවාරම්කාරයෝ නිදැල්ලේ ඉන්න එක පුදුමයක්ද?
එළියට වඩා කුඩු හිරගෙවල් ඇතුළෙ තියෙනවා වගේම ජාත්‍යන්තර පාසල් ඇතුළේ හෙරොයින් පැතිරීමේ අවදානමක් මතුවෙලා. රටපුරා ඇති හොර මත්පැන් හල් වෙසක් පෝයට කලින් වහන්න වෙනවා’
Tuesday, March 3, 2015
කුඩු අල්ලන එක හිතු තරම් ලේසි නෑ.. ඒකට හේතුව මේකයි – රතන හිමි කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment