බි‍්‍රතාන්‍යයේ ලිංගික කම්කරුවන්ගෙන් 40%ක් පමණ උසස් විද්‍යාල හෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.ලිංගිකත්වය අලෙවි කිරීමට බලහත්කාරයෙන් ඇද දැමූවන් වෙනුවට එසේ කිරීමට සිදුවූ ලිංගික කම්කරුවන් සහභාගී කරගනිමින් මෙම සමීක්‍ෂණය සිදුකර තිබේ.
ඔවුන්ගෙන් 38%කට සාමාන්‍ය උපාධියක් ඇති බව හෙළිව ඇති අතර තවත් 17%ක් පශ්චාත් උපාධි මට්ටමක් හෝ සම්පූර්ණ කර ඇතැයිද පැවසේ.
ලීඞ්ස් විශ්වවිද්‍යාලය විසින් සිදුකර ඇති මෙම සමීක්‍ෂණයට කාන්තාවන් 196ක්, පිරිමින් 28ක් සහ පාරලිංගික පුද්ගලයින් 12ක් එක්කරගෙන තිබේ.
70%කට අධික පිරිසක් මින් පෙර සෞඛ්‍ය, අධ්‍යාපන හෝ සුභසාධන සේවාවන්හි රැකියාවල නිරතවී ඇති අතර 33%ක් පමණ වෙළඳසැල්වල රැකියා කර ඇත්තන් වේ.
ලිංගික කර්මාන්තය හා එක්වීමට සිදුවූ හේතු පිළිබඳව සිදුකළ විමසීමකදී එක් කාන්තාවක් පවසා ඇත්තේ තමන් දිනකට සෞඛ්‍ය සහකාරියක් ලෙස පවුම් 50ක් ඉපැයුවත් උකස් ණය ගෙවීමට ප‍්‍රමාණවත් නොවූ හෙයින් මෙම පියවර ගත් බවයි.
ලිංගික කම්කරුවන් නෛසර්ගිකවම අයහපත් බවට හෙළා දැකීමට ජනතාව බොහෝ අවස්ථාවන්හි කලබල වන බව ලිංගික කම්කරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු කරන අග්ලි මග්ස් කණ්ඩායමේ අධ්‍යක්‍ෂක ඇලෙක්ස් ෆීස් බ‍්‍රයිස් පවසා තිබේ.
ඔවුන්ගේ අත්දැකීම් හා අභියෝගයන් පිළිබඳ කරුණු විමසීමකින් තොරව එවැනි නිගමන වලට එළඹෙන බව ඔහු පවසා ඇත.
No comments:
Post a Comment