මඩකලපුව ප‍්‍රදේශයේ තරුණියක් සීගිරිය කැටපත් පවුරේ සිය පෙම්වතා ගේ නම සටහන් කිරීමෙන් කැටපත් පවුරේ අදාල ස්ථානය යථා තත්ත්වයට පත් කළ නොහැකි අයුරින් හානි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ අධිකරණයට ද කරුණු වාර්තා කළ බවයි.
කරුණු සලකා බැලූ දඹුල්ල මහේස්ත‍්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අදාල තරුණියට වසර දෙකක සිරදඩුවමක් නියම කළා. මෙලෙස සිරදඩුවම්
නියම වුයේ සින්නතම්බි උදේනි නමැති 23 හැවිරිදි තරුණියකටයි.
පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානවලට හෝ වස්තූන්වලට හානි සිදුකරන පුද්ගලයින්ට නීතියෙන් ලැබෙන දඩුවම් සම්බන්ධයෙන් ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගෙන් කරුණු විමසීමක් කළා.
දැනට මේක බොහොම බරපතල දඬුවමක්නේ. සාමාන්‍යයෙන් පුරාවස්තුවකට හානි කරොත් හරි, සොරා ගත්තොත් හරි විකෘති කරොත් හරි ඒක ඇප දෙන්නේ නැති වරදක්. ඒවගේම රුපියල් 250,000 සිට 500,000 දක්වා දඩයක් හෝ වසර 2සිට වසර 5 දක්වා සිර දඬුවමක් ලැබෙනවා. වැදගත්ම දෙය මේක ඇප දෙන්නේ නැති වරදක්.
අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙක් බව ඔප්පුවෙන තාක්කල් ඇප ලැබෙන්නේ නැහැ. අපි නව කෙටුම්පතකින් තවදුරටත් මේ දඬුවම් ඉහල නංවා තියෙනවා. ඒකේ හැටියට අපි ලක්ෂ 50ක දඩයක් යෝජනා කරලා තියෙනවා.
කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය වසර 2ක් හිරේ
ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග‍්‍රීසි අකුරු 10ක් ලියු තරුණියකට අද දෙවසරක සිර දඩුවම් නියම කෙරුණා. මෙලෙස දඩුවම් නියම වුයේ මඩකලපුවේ පදිංචි සින්නතම්බි උදේනි නමැති 23 හැවිරිදි තරුණියකටයි.
Tuesday, March 3, 2015
කැටපත් පවුරේ අකුරු 10 කින් පෙම්වතාගේ නම ලියා වසර 2ක් හිරේ ගිය තරුණිය
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment