උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි...
දානය අතරතුර කේක් එකකුත් කපලා...
පිටිදුවේ සිරිධම්ම හිමි හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර හිමි පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. උන් වහන්සේගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී ඊයේ (24දා) පැවැත්වුණා.
එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි වුණා. උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ
භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබුණා.
ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබුණා. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් ස්වාමීන් වහන්සේට දානය ලබා ගැනීමට සිදු වුණා.
සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබුණා.
මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය විසිනුයි. ස්වාමීන් වහන්සේ දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් ස්වාමීන් වහන්සේට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.
මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර හිමි විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමුවා. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍ර හිමියන්ගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.
Friday, February 27, 2015
Home
ඕපාදුප
උෟරු මස් එළු මස් කුකුළු මස් ඉස්සෝ කකුළුවෝ දැල්ලෝ මාළු ඔළු සමඟ සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සැමරූ හැටි (පින්තුර)
උෟරු මස් එළු මස් කුකුළු මස් ඉස්සෝ කකුළුවෝ දැල්ලෝ මාළු ඔළු සමඟ සමන්ත භද්‍ර හිමි පන්සල ඇතුළේ උපන් දිනය සැමරූ හැටි (පින්තුර)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


























No comments:
Post a Comment