පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පැමිණ ඇගේ සුවදුක් විමසා බැලූ බවයි එහි සිටින අප වාර්තාකරු පවසන්නේ.
අවිධිමත් ආකාරයෙන් සකස් කෙරුණු රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රයක් නීති විරෝධිව ලග තබා ගැනීම ශෂී වීරවංශ මහත්මියට එරෙහි චෝදනාව වනවා. දින කිහිපයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ඇය අද ඇප මත මුදා හැරුණේ දැඩි කොන්දේසි කිහිපයක් යටතේයි. සෑම සිකුරාදා දිනකම අධීකරණය හමුවේ පෙනී සිටිම එම එක් කොන්දේසියක් වනවා.
මේ අතර අදාල චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට ද කටයුතු කරන බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියා.

No comments:
Post a Comment