සජින් වාස්ට කොස්ගොඩදී හූ කියපු හැටි (වීඩියෝව) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 27, 2015

සජින් වාස්ට කොස්ගොඩදී හූ කියපු හැටි (වීඩියෝව)

"මුන් පට්ට හොරු - කතාව නවත්තල යන්න මෙහෙන්"


කොස්ගොඩ ඉන්ධන පිරවුම්හළක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණි සජින් වාස් ගුණවර්ධන මහතා කථා කරද්දී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් හූ කියමින් කථාවට බාධා කොට තිබුණි. 

එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂ සංවිධායක කමල් ජයන්ත ද සොයිසා මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී කුෂාන්ත මෙන්ඩිස් මුලින්ම පැමිණ අසුන්ගෙන සිටියත් සජින් වාස් එම උත්සවයට පැමිණීමත් සමග ඔවුන් එම උත්සව භූමියෙන් පිටව ගොස් තිබුණි. 

නැවතත් ඔවුන් එම උත්සව භූමියට පැමිණ තිබු අතර එම අවස්ථාවේදී සජින් වාස් සිදුකළ කතාවට් ඔවුන් විරෝධය දක්වා තිබේ.

එහි වීඩියෝව බලන්න පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad