48 හැවිරිදි පස් දරු මවක් කළුබෝවිල දෙහිවල පදිංචි 23 හැවිරිදි තරුණයකුට ලබාදුන් මිස් කෝල් (මඟහැරුණු ඇමතුමකින්) එකකින් හිතවත් වී ඔහු ඇගේ නිවසට කැඳවා වසරකට අධික කාලයක් තිස්‌සේ මෙම කාන්තාව නිවසේ නොසිටි අවස්‌ථාවල ඇගේ 12 හැවිරිදි දියණියට වරින් වර බරපතළ ලිංගික අපයෝජනය කර ඇති පුවතක් ගම්පොල වත්තහේන අඟුරුමුල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා
මේ සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම පුද්ගලයා ලබන මාර්තු 02 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කළුබෝවිල දෙහිවල පදිංචි ශානක නුවන් බණ්‌ඩාර වීරකෝන් නමැති අයෙක් බවයි.
අතවරයට පත් මෙම දැරිය පාසලේ 7 ශේ්‍රණියේ ඉගෙනුම ලබන අතර ඇය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ගම්පොල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලන්ති නීලවල මහත්මිය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.
මෙම දැරියගේ මව විවාහ දෙකක් සිදු කරගෙන ඇති තැනැත්තියක වන අතර ඉන් පළමු විවාහක දරුවන් තිදෙනාම විවාහක වන අතර දෙවන
විවාහයේ දරුවන් දෙදෙනාගෙන් 12 හැවිරිදි මෙම දැරිය මෙසේ අතවරයට ලක්‌ව ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
48 හැවිරිදි මෙම කාන්තාවගේ දෙවන සැමියාද ඇය අතහැර ගොස් සිටින අතර ඉටි රෙදි ගැසූ කුඩා කාමරයක මෙම දරු දෙදෙනා සමග ඇය කාලය ගතකොට තිබෙනවා.
දිනක් ඇය යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් දීමට උත්සාහ ගනිද්දී එය වැරදීමකින් දෙහිවල පදිංචි මෙම 23 හැවිරිදි තරුණයාට ගොස් ඇති අතර ඒ අනුව හිතවත් වී මෙසේ එම තරුණයා ඇගේ නිවසට කැඳවා තිබෙනවා.
මව සමග එකට ජීවත් වූ මෙම පුද්ගලයා ඇගේ මෙම දියණිය නැහැවීම, ඇඟ සේදීම පවා සිදුකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
දිනක් මෙම කාන්තාව ගම්පොල නගරයට ගොස් නිවසට එන විට මෙම පුද්ගලයා දියණිය සමග ඇඳේ සිටිනවා දැකීම නිසා සිද්ධිය හදිසි ඇමතුම් අංශයට ලබා දී තිබෙනවා.
Friday, February 27, 2015
Home
ආරක්ෂක පුවත්
තරුණයකුගේ මිස්‌කෝල් එකෙන් මව සමග යාළුවී පසුව දුව සමග ඇඳේ සිටිනවා දුටු මව පොලිසි යයි.
තරුණයකුගේ මිස්‌කෝල් එකෙන් මව සමග යාළුවී පසුව දුව සමග ඇඳේ සිටිනවා දුටු මව පොලිසි යයි.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment