ක‍්‍රිකට් පිටියේ දී පන්දුව වැදී විනිසුරු වරයෙකුත් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

ක‍්‍රිකට් පිටියේ දී පන්දුව වැදී විනිසුරු වරයෙකුත් මරුට

ඊශ‍්‍රායලයේ අෂ්ඩූඩ් ප‍්‍රදේශයේ පැවැත්වූ කි‍්‍රකට් තරඟයක් අතරතුරදී විනිසුරුවරයෙකු පන්දුව හිසට වැදීමෙන් මියගොස් තිබේ. 

හිලල් ඔස්කාර් නමැති ඔහු විනිශ්චයේ යෙදෙන අතරතුරදී පිතිකරු පන්දුවට පහරදුන් පසුව කඩුල්ලේ වැදී එම පන්දුව විනිසුරුවරයාගේ හිසට වැදී තිබේ.

විනිසුරුවරුන් සාමාන්‍යයෙන් තරග අතරතුර ආරක්ෂිත හිස් ආවරණ (හෙල්මට්) පළඳින්නේ නැත. ඔස්කාර් ඊශ‍්‍රායල් ජාතික කි‍්‍රකට්
කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළ අයෙකි.

තරගය අතරතුර විනිසුරුවරයකු මෙලෙස මියගොස් තිබුණේ මීට වසර 5කට පමණ පෙර ය. පිල් හියුස්ගේ මරණයෙන් පසු මෙලෙස තරගය අතරතුර පන්දුව වැදී මියගිය සිව්වැන්නා මොහු වන අතරල 8 දෙනකු පමණ කි‍්‍රකට් පිටියේ දී මියගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *