විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ නවතම හෙළිදරව්ව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ නවතම හෙළිදරව්ව

අමෙරිකානු සී.අයි.ඒ. නිලධාරීන් ජාත්‍යන්තර දේශ සීමා අතර මාරුවීමේදී සිය අනන්‍යතාව සැඟවීමට යොදා ගන්නා උපක්‍රම ඇතුළත් ලේඛන 2ක් විකිලීක්ස් වෙබ් අඩවිය ඉන්ටර්නෙට් වෙත මුදාහැර තිබේ.

විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කළේ, වෙනත් බුද්ධි අංශ ඒජන්සි සමග එම තොරතුරු හුවමාරු කර ගැනීම සී.අයි.ඒ. සංවිධානය තහනම් කර තිබූ බව ය.

ගුවන් තොටුපොළ හා දේශ සීමා හුවමාරුවලදී ඇතුළු වන පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රේගු නිලධාරීන් භාවිත කරන උපක්‍රම මග හරින අයුරු එම ලේඛනවල සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් සඳහන් කළේ, බොහෝ අවස්ථාවල ත්‍රස්ත මර්දන මෙහෙයුම්වල නිරත නිලධාරීන් ලෙස වෙස්වලා ගත් සී.අයි.ඒ. නිලධාරීන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වන බව ය.

සී.අයි.ඒ. නිලධාරීන් එලෙස පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වන්නේ කුමකට ද? යන්න පැහැදිලි නොවීම ගැටලු සහගත බව ද ජුලියන් අසාන්ජ් සිය වෙබ් අඩවිය මගින් ප්‍රශ්න කර සිටී.

ඔහු සඳහන් කළේ, බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් තොරව ඇතුළු විය හැකි යුරෝපා හවුලේ රටවල් 22ක් සම්බන්ධයෙන් සී.අයි.ඒ. අයාතනය දැඩි අවධානය යොමුකර ඇති බව ය.

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලන සමයේ සී.අයි.ඒ. නිලධාරීන් ඉතාලිය, ස්වීඩනය ඇතුළු යුරෝපා සංගමයේ රටවලින් පුද්ගලයින් පැහැර ගැනීමේ ක්‍රියාවල නිරත වූ බවට ද ජුලියන් අසාන්ජ් චෝදනා නගයි.

මෙම ලේඛනය හරහා ජනපති ඔබාමාගේ පාලනය තුළ ද සී.අයි.ඒ. ආයතනය යුරෝපය ඉලක්ක කර ගනිමින් රහසිගත මෙහෙයුම්වල නිරත බවට හෙළිවන බව විකිලීක්ස් වෙබ් අඩවිය පෙන්වා දෙයි. මෙය විකිලීක්ස් වෙබ් අඩවිය, අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ රහස් ලියවිලි හෙළි කළ දෙවන අවස්ථාව මෙය වේ.

No comments:

Post a Comment

Post Bottom Ad