තම කුලී සේනාංකයක් වූ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැරදවීමේ පලිය ගැනීමට බටහිර බලවේග දියත් කළ මෙහෙයුම අද අවසන් අදියරට පැමිණ ඇති බවත් පොදු අපේක්‍ෂකයකු දමා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම එහි ඊළග පියවර බවත් මේ තීරණාත්මක මොහොතේදී ඊට එරෙහිව නැ`ගී සිටීම දේශපේ‍්‍රමී සිංහල, දෙමළ මුස්ලිම් සියලූ ජනතාවගේම වගකීම බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පැවසුවේ අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.
‘දෙමළ ගෝලීය සංසදයේ මාධ්‍ය ප‍්‍රකාශක සුරේන් සුරන්දිරන් පසුගියදා සිදු කළ ප‍්‍රකාශය තුළ ප‍්‍රධාන වශයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනකුගේ නම් සඳහන් වූවා. එකක් තමයි මහින්ද රාජපක්‍ෂ. අනෙක් නම තමයි චාල්ස් ටේලර්. ඔහු අද වසර 50ක සිර දඩුවමක් විඳිනවා.
සියෙරා – ලියෝන් රාජ්‍යය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම, ළමයින්ට අවි ආයුධ ලබාදීම වැනි යුද අපරාධ චෝදනා මතයි ඔහු සිරගත කරනු ලැබුවේ. ‘චාල්ස් ටේලර්ට එරෙහිව නඩු අහලා ද`ඩුවම් කළ ආකාරයටම මහින්ද රාජපක්‍ෂටත් දඩුවම් දිය යුතුයි’ කියලයි සුරේන් සුරන්දිරන් අල් – ජසීරා රූපවාහිනී සංවාදයේදී පවසා තිබුණේ.
මෙය ඉතා බරපතළ ප‍්‍රකාශයක්. ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කරන පරීක්‍ෂණයේ තීන්දුව අනුව මහින්ද රාජපක්‍ෂ හේග් නුවර යුද අපරාධ අධිකරණයට රැුෙ`ගන යා යුතුයි. දඩුවම් ලබා දිය යුතුයි’ කියලයි සුරේන් සුරන්දිරන් කියන්නේ. මේ අනුව ඉතා පැහැදිලියි, බටහිර බලවේග සහ දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන බෙදුම්වාදී සංවිධාන සියල්ල එක්ව දියත් කළ කුමන්ත‍්‍රණය අවසානය දක්වා පැමිණෙමින් ඇති බව.
කොටි සංවිධානය විනාශ කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇතුළු මෙරට ආරක්‍ෂක හමුදාවලින් පලි ගන්න, ඔවුන් යුද අපරාධ දංගෙඩියට දක්කන කුමන්ත‍්‍රණයක් පවතින බව අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. නමුත් විපක්‍ෂය එය දිගින් දිගටම ප‍්‍රතික්‍ෂේප කළා. අදත් බොරුවට කියනවා ‘අපි ජනාධිපතිවරයා ඇතුළු රණවිරුවන් යුද අපරාධ අධිකරණයට ගෙන යන්න දෙන්නේ නැහැ’ කියා.
විපක්‍ෂය දිගින් දිගටම කළේ මේ බටහිර කුමන්ත‍්‍රණය මෙරට ජනතාවගෙන් වසන් කිරීම. අද පොදු අපේක්‍ෂකයකු දිනවා මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීමට විපක්‍ෂයේ ඇතැම් කොටස් සැරසෙන්නේ මේ කුමන්ත‍්‍රණයේම කොටසක් විදිහට. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 මාර්තුවේදී තම ඒකපාක්‍ෂික පරීක්‍ෂණය අනුව යුද අපරාධ චෝදනාවලට ශ‍්‍රී ලංකාව වැරදිකරු කිරීමට නියමිතයි.
සුරේන් සුරන්දිරන්ලා මේ බව දැනටමත් දන්නවා. බලයේ ඉන්න මහින්ද රාජපක්‍ෂ යුද අපරාධ අධිකරණයට රැුෙ`ගන යන්න බැහැ. ඒ නිසයි ඔහු බලයෙන් පහ කිරීමේ කොන්ත‍්‍රාත්තුව බටහිර බලවේග ඇතුළු ශ‍්‍රී ලංකාවට හතුරු බලවේග ‘චන්ද්‍රිකා – රනිල් – මෛත‍්‍රී’ හවුලට ලබාදී තබෙන්නේ. පොදු අපේක්‍ෂකයා කියන්නෙත් මේ කුමන්ත‍්‍රණයේම ප‍්‍රබල කොටස්කරුවෙක්.
ව්‍යවස්ථා කටයුතු හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය නැමති රාජ්‍ය නොවන සංවිධානය වාර්තාවක් භාරදී තිබෙනවා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව පත් කළ පරීක්‍ෂණ මණ්ඩලයට. මාටින් අන්සාරි, අස්මා ජවාහීර් යන අයගෙන් සැදුම්ලත් පරීක්‍ෂණ මණ්ඩලයට ලබාදී ඇති ඒ වාර්තාව අඩුම තරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ මානව හිමිකම් කවුන්සිලයේ නිර්ණායකවත් අනුගමනය කරමින් සකස් කළ එකක් නොවෙයි.
අද මේ මානව හිමිකම් කවුන්සිලය පත් කළ පරීක්‍ෂණ මණ්ඩලය කොයි තරම් පක්‍ෂග‍්‍රාහී ද කියනවා නම් ඉහත රාජ්‍ය නොවන සංවිධානයේ වාර්තාව ද සාක්‍ෂි ලෙස භාර ගෙන තිබෙනවා. මේ වාර්තාවේ තිබෙනවා, ‘යුද අපරාධ සිදු කිරීම සඳහා දේශපාලන වශයෙන් වග වීම පිළිබඳව’. එනම්, ‘යුද අපරාධ සිදු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයේ සම්බන්ධතාව’ ගැන මේ අසත්‍ය වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කිව්වේ, ‘ආණ්ඩුව ජිනීවා බිල්ලෙක් පෙන්වනවා’ කියලයි. අනෙකුත් විපක්‍ෂයේ කණ්ඩායම් ද පැවසුවේ ශ‍්‍රී ලංකාවට එරෙහි බටහිර වටලෑම ආණ්ඩුව මැවූ බොරුවක් බවයි. නමුත් අද අපිට ඇස් පනාපිට පෙනෙනවා, මේ කුමන්ත‍්‍රණයේ අවසන් අදියර දියත් වෙමින් තිබෙන අයුරු. ඊළ`ග පියවර තමයි, මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ ඊනියා පොදු අපේක්‍ෂකයා ලවා පරාජය කරවීම.
පොදු අපේක්‍ෂකයා කියන්නේ මේ බටහිර කුමන්ත‍්‍රණයේම එක් පුරුකක්. ඒ නිසා මේ රට බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයෙන් ගලවාගත් නායකයා ඇතුළු රණවිරුවන් යුද අපරාධ අධිකරණයට රැගන යාම වැළැක්වීමට නම් මේ ‘පොදු අපේක්‍ෂක’ පිල්ලිය පැරදවිය යුතුයි’’
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
Monday, December 1, 2014

ප‍්‍රභා මැරූ පලිය ගැනීමේ බටහිර මෙහෙයුම අවසන් අදියරේ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment