අල්ලා දෙවියන් කියූ ලෙස කරන්න.. කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.. – ජමිතුල් උලමා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

අල්ලා දෙවියන් කියූ ලෙස කරන්න.. කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.. – ජමිතුල් උලමා

මුස්ලිම් ඡන්ද දායකයන් තම ඡුන්දය කවර හෝ පාර්ශ්වයකට එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශ කරන ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල්  උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තම සංවිධානය කිසිදු දේශපාලනඥයෙකුට හෝ දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත් කිසිදු දේශපාලන ව්‍යාපාරයකට එරෙහි නොවන බවත් උලමා සංවිධානයේ මාධ්‍ය  ලේකම් අෂ් ෂේක් ෆාසිල් ෆාරුක් මහතා සදහන් කරයි.

තම සංවිධානයේ නාමයෙන් කිසිදු දේශපාලන මත දැක්වීමක් සිදුනොකරන මෙන් ලංකාවාසී සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ෆාසිලෆාරුක් මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *