සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක්
ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැ?රුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ බෙහෙවින්ම ආදර්ශමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් ලෙස පිළිගෙන තිබූ ශ‍්‍රී ලංකාව වර්තමානය වන විට සීඝ‍්‍රයෙන් එහි වසන පුරවැසියන්ට ගෞරව සම්පන්න ලෙස සහ ආරක්ෂිත ලෙස වාසය කළ නොහැකි තැනක් බවට පත්වී තිබේ.
මෙම ඛේදජනක තත්ත්වයේ ඉතාමත්ම පැහැදිළි මතුපිට ප‍්‍රකාශන වන්නේ:
- නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටීම
- ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන පද්ධතිය ඛාදනය වී තිබීම
- සමාජ විෂමතාවය පෙර නොවූ විරූ ආකාරයෙන් පුළුල් වී සමාජ අසාධාරණය සමාජ පද්ධතියේ මූලික ලක්ෂණයක් බවට පත්වී තිබීම
- විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සහජීවනය බිඳවැටී අසමගිය සහ අවිශ්වාසය ව්‍යාප්තවීම යනාදියයි.
ක්ෂණික කාර්යයන්
- දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
- 18 වන සංශෝධනය අහෝසි කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
- මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.
- ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
- පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, දුෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.
- නීතියේ ආධිපත්‍යයට ප‍්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.
- සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.
- සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.
- සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.
- ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ‍්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.
No comments:
Post a Comment